හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සැරසෙන බවට මාධ්‍ය වාර්තා කොට තිබිණ.
එම වාර්තාවල දැක්වුණේ, ඒ සඳහා සහය දෙන මෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තමාගෙන් ඉල්ලා සිටියේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන කළ ප්‍රකාශයකි.
එසේ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීම පිණිස වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන පදවියෙන් ඉල්ලා අස්විය යුතුය; නොඑසේනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු පදවියෙන් ඉවත් කරනු ලැබිය යුතුය.
ඒ පිළිබඳව විමසූ විට ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියේ ඔහු දන්නා තරමින් අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ කිසිදු සූදානමක් නොමැති බවය.
මේ අතර අගමැති දිනේෂ් ගුණවර්ධනට පදවියෙන් ඉල්ලා අස්වන මෙන් කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති අතර, ඔහු ඉල්ලා අස්වීමට සැරසෙන බවට පැතිරයන පුවත් සත්‍යයෙන් තොර බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.