දකුණු ආසියාවේ සිටින පරමාදර්ශී දේශපාලන නායකයා අනුර කුමාර දිසානායක බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ ජනතාව ඔහු සිය නායකයා ලෙස තෝරා පත්කර නොගන්නේ ඇයි දැයි නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය හරහා පළවන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව ශ්‍රී ලංකාවේ පිහිටි නවසීලන්ත තානාපති කාර්යාලය අවධාරණය කරයි.
නවසීලන්ත රජය වෙනත් රටවල දේශපාලන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් කිසිවිටෙකත් අදහස් පළ නොකරන අතර විශේෂයෙන් ජනතාව සිය ඡන්දය භාවිත කළ යුතු දේශපාලන නායකයින් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ නොකරන්නේ යයි කොළඹ පිහිටි නවසීලන්ත තානාපති කාර්යාලයේ මාධ්‍ය නිලධාරිනී සුමුදු ජයසිංහ සඳහන් කළාය.
නිගමනය
සමාජ මාධ්‍ය හරහා පළවන මෙම ප්‍රවෘත්තිය අසත්‍යය.