කරුණු පරීක්ෂා කර ඇතදේශපාලන “ජනාධිපති ධූරයෙන් ඉවත්වීම” යන ශීර්ෂය සහිතව හුවමාරු වන ලිපිය ව්‍යාජයි ජූලි 14, 2022 208 ජනාධිපති ධූරයෙන් ඉවත්වීම යන ශීර්යෂ සහිතව ජනාධිපතිවරයාගේ ලිපි ශීර්ෂය යටතේ වන ලිපියක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී. මෙම ලිපිය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ නිළ ඉල්ලා අස්වීමේ ලිපිය බව හඟවමින් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබිණි. ජනාධිපතිවරයාගේ අත්සන සහිතවත් අත්සන රහිතවත් එකම ලිපිය හුවමාරු වී තිබිණි. මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බව ජනාධිපති කාර්යාලය විසින් නිල නිවේදනයක් හරහා ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත භාරදුන් නිල අස්වීමේ ලිපිය මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කර නැහැ. ඒ අනුව ”ජනාධිපති ධූරයෙන් ඉවත්වීම” යන ශීර්ෂය සහිතව හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියකි.