රජයේ සහනාධාර ක්‍රමයක් යටතේ Litro ගෑස් සමාගම විසින් පුරවැසියන්ට LPG ගෑස් ලබා දෙන බවට පැවසෙන පණිවිඩයක් Whatsapp ඔස්සේ සංසරණය වේ.
එම සංසරණය වන පණිවිඩයේ සබැඳියට පිවිසීමෙන් පසු තිරය මත ඉංග්‍රීසි සහ දමිළ භාෂාවෙන් ප්‍රශ්න හතරකට පිළිතුරු ලබා දිය යුතුව ඇත. එකී ප්‍රශ්න හතරට පිළිතුරු සැපයිය යුතු වේ.
තවද , අදාළ පණිවිඩයේ ත්‍යාග ලබා ගත් බවට අදහස් ද ඉදිරිපත් කර තිබුණි.
මෙසේ සංසරණය වන පණිවිඩය අසත්‍යය බව දන්වමින් Litro ගෑස් සමාගම තම නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කර ඇත. පණිවිඩය සමඟ තම ආයතනයට කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවත් එම පණිවිඩයේ සඳහන් සබැඳියට පිවිසීමෙන් වළකින ලෙසත් එම නිවේදනයේ සඳහන්ව තිබුණි.
එබැවින්, Whatsapp හරහා සංසරණය වන රජයේ සහනාධෘරයක් ලෙස Litro ගෑස් සමාගමෙන් LPG ගෑස් ලබා දෙන බව සඳහන් වන පණිවිඩය ව්‍යාජ පණිවිඩයකි.