විදුලි සේවකයින් වැඩ වර්ජනය කිරීම නිසා රාත්‍රී 12 සිට විදුලිය විසන්ධි වීමක් සිදුවන බව පැවසෙන පණිවිඩයක් Whatsapp ඔස්සේ සංසරණය වේ.
ඉහත පණිවිඩයේ සත්‍ය අසත්‍යතාව පැහැදිලි කරගැනීම සඳහා අප විසින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සම්බන්ධ කරගත් අතර ඔහු පැවසුවේ රාත්‍රී 12 සිට විදුලිය විසන්ධි කරන පුවත අසත්‍ය බවයි.
තවද, මහජනතාව අපහසුතාවයට පත්නොවන ලෙස වෘත්තීය ක්‍රියාමාර්ගවල නියලෙන බවත් ඔහු පැවසුවේය.
එබැවින් , විදුලි සේවකයින් වැඩ වර්ජනය කිරීම නිසා රාත්‍රී 12 සිට විදුලිය විසන්ධි වන බව පැවසෙන Whatsapp පණිවිඩය අසත්‍ය පණිවිඩයකි.