ගාලුමුවදොර විරෝධතාවය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල මත Projector මඟින් සටහන් කර තිබූ ඡායාරූප බවට හඟවමින් LTTE ලාංඡනය සහිත ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
මෙම ඡායාරූපය තාක්ෂණික පරීකෂාවකට ලක්කිරීමේදී අපට පෙනී ගියේ මෙය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවත් මෙයට පදනම් වී ඇති මුල් ඡායාරූපයේ රතු පැහැති සාඨකයක් සහිත පසුබිමක කහ පැහැති අකුරු පේලියක් පමණක් දර්ශනය කර ඇති බවයි.
ගාලුමුවදොර පිටිය ආශ්‍රිතව අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවය අතරතුර ප්රක්ෂේපණ යන්ත්‍ර භාවිතා කරමින් මෙම රූප ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති මත සටහන් කර තිබුණේ පසුගිය 17වැනි දින සවසයි. පසුව ආරක්ෂක අංශ විසින් මෙම ප්රක්ෂේපණ යන්ත්‍ර අවහිර කර ඇත.
තවද, උක්ත ඡායාරූපය තිළිණ කලුතොටගේ නැමැති ඡායාරූප ශිල්පියා විසින් ලබා ගත් ඡායාරූපයක් බව හඳුනාගත හැකි විය. ඡායාරූපයේ පසෙක ඡායාරූප ශිල්පියාගේ නම සඳහන්ව තිබුණි.
එබැවින්, ගාලුමුවදොර විරෝධතාවය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මත LTTE ලාංඡනය Projector අධාරයෙන් දර්ශනය කළ බව හැඟවෙන ඡායාරූපය සංස්කරණය කරන ලද ව්‍යාජ ඡායාරූපයකි.