“සම්බුද්ධික ජනතාව දැනටමත් පෝට් සිටිය ප්‍රතික්ෂේප කර අවසන්. බලන්න යන්නේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස් !“
“ඉදිරියේදී වීසා ගන්නත් වේවි.” යනුවෙන් නිර්මාණය වූ පුවත්පත් ආකෘතියක් සහිත පෝස්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
උක්ත සටහනේ සත්‍ය අසත්‍යතාව පැහැදිලි කරගැනීම උදෙසා අප විසින් සිදු කළ කරුණු ගවේෂණයේදී අනාවරණය වූවේ එය 2022 ජනවාරි 13 මවුබිම පුවත්පතේ සඳහන් වූ ලිපියක් විකෘති කරමින් ඉහත සටහන නිර්මාණය කර ඇති බවයි.
එම ලිපිය “ගෝඨාභය ඉන්දියාව ළඟ දණගහලා තෙල් ටැංකි ගිවිසුමට හොර රහසේ අස්සන් කරලා.” යන ශීර්ෂය සහිතව මවුබිම පුවත් පතේ සඳහන්ව තිබුණි.
ඒ අනුව, “සම්බුද්ධික ජනතාව දැනටමත් පෝට් සිටිය ප්‍රතික්ෂේප කර අවසන්. බලන්න යන්නේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස් !”යන ප්‍රකාශය සුනිල් හදුන්නෙත්ති විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස පුවත්පතක පළවී නොමැති අතර එය 2022 ජනවාරි 13 මවුබිම පුවත්පතේ සඳහන් වූ ලිපියක ශීර්ෂයක් විකෘති කරමින් නිර්මාණය වූවකි.