චීන මහජන බැංකුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් 10000 නෝට්ටුවක් නිකුත් කර ඇති බව පැවසෙන ව්‍යාජ පුවතක්

132

 

වැන්ග් යී (Wang Yi) ජනාධිපති සහ අගමැති හමුවේදී නිළ වශයෙන් නව මුදල් ශ්‍රී ලංකාව වෙත භාර දුන්නේය.” යනුවෙන් නිර්මාණය වූ පුවතක්, රුපියල් 10000 නෝට්ටු තොගයක ඡායාරූපයක් සමඟ සංසරණය වේ.

තවද, ඉහත සංසරණය වන පුවතේ “චීන මහජන බැංකුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් 10000 නෝට්ටුවක් නිකුත් කරන ලදී. ශ්‍රී ලංකාව සහ චීන ප්‍රදේශය වන කොළඹ පෝට් සිටි නගරයේ සහ හම්බන්තොට වරාය තුළ ගෙවීම සඳහාය.” යනුවෙන්ද එහි සදහන් විය.

උක්ත පුවත සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කළ විමසුමකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මාධ්‍ය අංශ නිලධාරිනියක් පැවසුවේ ඉහත සංසරණය වන පුවත ව්‍යාජ අසත්‍ය පුවතක් බවයි.

එවැනි ආකාරයේ මුදල් අංච්චු ගැසීමක් හෝ ලබා ගැනීමක් කරන්නේනම් ඊට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර මාධ්‍ය ආවරණය කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

කෙසේවෙතත්, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ජනවාරි 08 වනදා දෙදිනක නිළ සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේය.

පසුව ශ්‍රී  ලංකාව සහ චීනය යන දෙපාර්ශ්වයන් ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම ,  කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා සහනාධාර නිවාස ව්‍යාපෘතිය පිළිබඳ හුවමාරු ලිපිය , බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය භාරදීමේ සහතිකය සහ වකුගඩු රෝග ජංගම පරීක්ෂණ ගිලන් රථ වාහන සඳහා තාක්ෂණික සහයෝගිතාවට අදාළ ව්‍යාපෘතිය භාරදීමේ සහතිකය යන ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇත.

නමුත් චීන මහජන බැංකුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් 10000 නෝට්ටුවක් නිකුත් කර ඇති බව පැවසෙන කිසිදු පුවතක් වාර්තා වී නොතිබිණි.  සංසරණය වන මෙම මුදල් නෝට්ටුවල ඡායාරූප පරීක්ෂා කිරීමේදී මෙරට රුපියල් 5000 මුදල් නෝට්ටුවල ඡායාරූප විකෘති කරමින් උක්ත ඡායාරූප නිර්මාණය කර ඇති බව පෙනී යයි.

එබැවින් , චීන මහජන බැංකුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් 10000 නෝට්ටුවක් නිකුත් කර ඇති බව පැවසෙන සටහන ව්‍යාජ සටහනක් බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කළේය.

 


Previous articleA fake news claiming that the UNP is establishing a new alliance with the JVP
Next articleFake news claiming that the People’s Bank of China has issued a Rs. 10,000 note on behalf of the Government of Sri Lanka