“ජවිපෙ සමඟ නව සන්ධානයක් පිහිටුවා යළිත් රටේ පෙරළියක් කරනවා. (මේ රට හදන්න පුළුවන් අපට පමණයි. )“ යන ශීර්ෂය සහිතව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් සමඟ නිර්මාණය වූ පුවත්පත් ආකෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාව පැහැදිලි කරගැනීම උදෙසා අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවේදී අනාවරණය වූවේ 2019 අගෝස්තු 27 අඟහරුවාදා දින මවුබිම පුවත්පතේ 08 වන පිටුවේ පළ වූ පුවතක් විකෘති කර ඇති බවයි.
2019 අගෝස්තු 27 වන දා මවුබිම පුවත්පතේ පළ වූ පුවත, “නව සන්ධානයක් පිහිටුවා යළිත් රටේ පෙරළියක් කරනවා.( මේ රට හදන්න පුළුවන් අපට පමණයි. )”
තවද, උක්ත පුවත සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ ලේඛම් අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රී වරයාගේන් විමසීමේදී ඔහු පැවසුවේ එකී පුවත අසත්‍ය බවයි.
එබැවින්, එක්සත් ජාතික පක්ෂය විසින් ජවිපෙ සමඟ නව සන්ධානයක් පිහිටුවන බව පැවසෙන පුවත 2019 අගෝස්තු 27 වන දා මවුබිම පුවත්පතේ පළ වූ පුවතක ආකෘතියක් විකෘති කරමින් පළ කර ඇත.