ජනාධිපතිවරයා 2022 වසරේ මාතලේ ප්‍රදේශයේ සංචාරයක් අතරතුර පටිගත කරන ලද වීඩියෝවක් බව හැඟවෙන පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
“ආයුබෝවන්!! 2022 අම්මෝ සර්ට ඒ හූව”, යන ශීර්ෂය සහිතව මෙම වීඩියෝව හිරු යූටිබ් චැනලය විසින් 2022 ජනාවාරි 01 වනදා උඩුගත කළ වීඩියොවක් සමඟ සමාජ මාධ්‍යට එකතු කර තිබුණි.
( ජනපති මාතලේට, ඩල්ජිත්ට ජනතා විරෝධය )
උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාව අනාවරණය කරගැනීම උදෙසා අප විසින් සිදු කළ තාක්ෂණික කරුණු පරීක්ෂාවේදී පැහැදිලි වූවේ එකී වීඩියෝව 2020 ජුලි මස 10 වනදා පළ වූ වීඩියෝවක් බවයි.
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරණ පළමු ජනහමුව සඳහා 2020 ජුලි මස 10 දා මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරය කර ඇත.
මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එදින සංචාරය සංවිධානය කර තිබුණි.
එබැවින් , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරය කළ වීඩියෝව 2020 ජුලි මස 10 වනදා උඩුගත කළ වීඩියෝවකි.