ලංකා බැංකුව විසින් Foundation Grants bonus නමින් තරඟයක් පවත්වන බව සදහන් ව්‍යාජ පණිවිඩයක්

153

 

ලංකා බැංකුව විසින්  Foundation Grants bonus නමින් තරඟයක් පැවැත්වෙන බව සඳහන් පණිවිඩයක් Whatsapp  ඔස්සේ සංසරණය වේ.

එම සංසරණය වන පණිවිඩයේ සබැඳියට පිවිසීමෙන් පසු තිරය මත ඉංග්‍රීසි භාෂාවෙන් යොමුවන ප්‍රශ්න හතරකට පිළිතුරු ලබා දිය යුතුව ඇත. එකී ප්‍රශ්න හතරට පිළිතුරු ලබා දීමෙන් පසු ත්‍යාග පෙට්ටි නවයක් දක්වා ඇති අතර ඉන් අදාළ මුදල ඇති නිවැරදි ත්‍යාග පෙට්ටිය තෝරන ලෙස සදහන් වේ.

සමාජ මාධ්‍ය පරිශීලකයෝ නිවැරදි ත්‍යාග පෙට්ටිය තෝරා ගත්තේ නම් ජයග්‍රාහී ත්‍යාගය ලබා ගැනිම සඳහා අදාල පණිවිඩය Whatsapp හෝ Messenger මඟින් මිතුරු කණ්ඩායම් 5 කට හෝ මිතුරන් 20 දෙනෙකු අතර බෙදා හැරිය යුතු අතර ලියාපදිංචිය සම්පූර්ණ කිරීම සඳහා තම පෞද්ගලික තොරතුරු ද ඇතුලත් කළ යුතුය.

උක්ත පණිවිඩයේ සත්‍ය අසත්‍යතාව අනාවරණය කරගැනීම උදෙසා අප විසින් සිඳු කළ තාක්ෂණික කරුණු පරීක්ෂාවේදී
ලංකා බැංකුවේ නිල ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුනේ මෙසේය.

ලංකා බැංකුව විසින් මෙවැනි කිසිඳු ආකාරයක තරගයක් හෝ දිනුම් ඇදීමක් සිදු නොකරන බවටත් මෙවැනි ව්‍යාජ ක්‍රියාකාරකම් වලට නොරැවටෙන ලෙසත් හිතවත් පාරිභෝගිකයන් වෙත දැනුමේ දෙන්නෙමු!

සබැඳිය – එබැවින්, ලංකා බැංකුව විසින් Foundation Grants bonus නමින් තරඟයක් පැවැත්වෙන බව පැවසෙන පණිවිඩය ව්‍යාජ පණිවිඩයක් බව ලංකා බැංකුව තහවුරු කර ඇත.

 


 

Previous articleකින්නියා‌‌ ප්‍රදේශයේදී අනතුරට පත් වූ පාලම් පාරුවේ ඡායාරූපයක් ද ?
Next articleIs this a photo of the ferry crash in Kinniya?