“කවුද පිකට් එක පටන් ගන්න කලින්ම බොන්න දීපු එකා” යනුවෙන් පසුගිය සතියේ සමඟි ජන බලවේගය පක්ෂය මඟින් සංවිධානය කර තිබූ රැළියට සහභාගී වූ පිරිසකගේ ඡායාරූපයක් සහිත ෆේස්බුක් පෝස්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
මෙම ඡායාරූපයේ කිහිප දෙනෙකු පාරේ වැතිර සිටින ආකාරය පෙන්වන අතර එසේ වැතිර සිටින්නේ බීමත් වීම නිසා බව උක්ත පෝස්ටුවෙන් හැඟවෙයි.
උක්ත ෆේස්බුක් සටහනේ සත්‍ය අසත්‍යතාව පැහැදිලි කර ගැනීම උදෙසා අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාවේදී පැහැදිලි වූයේ එකී ඡායාරූපය 2021 නොවැම්බර් මස 16 වෙනිදා සමඟි ජන බලවේගය පක්ෂය මඟින් සංවිදානය කර තිබූ රැළියට සහභාගී වූ පිරිසකගේ ඡායාරූපයක් බවයි.
එබැවින් , සජබ රැළියට සහභාගී වූ පිරිස පාරේ වැතිර සිටින්නේ මතුපැන් පානය කිරීම නිසා බව හැඟවෙන ෆේස්බුක් පෝසටුව නොමඟයවනසුලු පෝසුටුවක් වන අතර ඔවුන් එදින පාරේ වැතිර සිටින්නේ පොලිසියෙන් පැමිණ වූ අවහිරතා සඳහා විරෝධය පෑමටය.