කින්නියා පාරු අනතුර පිළිබඳ සංසරණය වන නොමඟයවනසුලු වීඩියෝවක්

174

 

දියේ ගිලෙන දරුවෙකුගේ දිවි බේරාන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් කින්නියා පාලම් පාරු අනතුර යන ශීර්ෂය සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ෆේස්බුක් සටහන් 01

ෆේස්බුක් සටහන් 02

Jaffna News தமிழ்-SriLanka

“කින්නියාවේ දියේ ගිලෙමින් සිටි කුඩා දරුවෙකු බේරාගන්නා අවස්ථාවක්” යන ශීර්ෂය සහිතව ඒකී වීඩියෝව whatsapp හරහාද හුවමාරු විය.

උක්ත වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව අනාවරණය කරගැනීම උදෙසා අප විසින් සිඳුකළ තාක්ෂණික කරුණු විමර්ශනයේදී පැහැදිලි වූවේ එකී වීඩියෝව බංගලාදේශයේ චාන්ද්පූර් මෝය ආසන්නයේ වීඩියෝවක්  බවය.

2021 අගෝස්තු 27 වන දින චාන්ද්පූර් මෝයේ දිය සුළියට ට්‍රෝලර් යාත්‍රාවකින් කුඩා දරුවෙකු වැටී ඇත. පසුව යාත්‍රාවකින් පැමිණි පිරිසක් එම කුඩා දරුවාගේ දිවි බේරා ඇත.

මේ පිළිබඳව Extreme Launch Lover යූටිබ් නාලිකාවෙන් වීඩියෝවක් පළකර තිබුණි.

2021 නොවැම්බර් 23 උදෑසන කින්නියා පාරු අනතුරෙන් දරුවන් හතර දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු ද විය. රෝහල් ගත කර ඇති පුද්ගලයන් ගණන 19 කි. නමුත් මෙම වීඩියෝපටයේ ඇතුලත් වන්නේ එම සිදුවීමට අදාළ දර්ශනයක් නොවේ.

එබැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව බංගලාදේශයේ චාන්ද්පූර් මෝය ආසන්නයේ සිඳු වූ අනතුරක් දැක්වෙන වීඩියෝවකි.

 


Previous articleFake news about the people who attended the SJB rally
Next articleA misleading video circulating about the ferry accident in Kinniya