“රට විදේශීය ණය අර්බුධයක පැටලී ඇති බව” රටෙහි ඡන්ද දායකයාට ඉතා ජනප්‍රිය මාතෘකාවක් වන අතර විපක්ෂයට එය මල්වත්තකි. ඔවුන් එකී අර්බුධය පෙරදැරි කරගනිමින් තම තමන්ට අවැසි වතු වල වගා කර, හැකි සේ ආශ්වාස ප්රාශ්වාස කරමින් පැමිණෙන අවුරුදු පහට සූදානම් වෙති. එය ඔවුන්ගේ සංස්කෘතියයි.
ඔවුනොවුන් එකිනෙකාට චෝදනා කරමින් ඡන්ද දායකයාව මුලා කර තම තමන්ගේ අභිප්රායන් ඉශ්ඨ කරගනිමින් ඉදිරියට යන ගමනක් පෙනෙන්නට තිබෙන අතර එසේ දීර්ඝව ඇදී යන ගමන අතරතුර පෙනෙන්නට තිබෙන අනෙක් භයානක තත්වය නම් “දේශීය ණය” අර්බුධයයි. එය අනෙකුත් වර්ෂ හා සංසන්දනයේදී 2020 වර්ෂයේදී ඉතා සංකීර්ණම අවධියක් පසු කරමින් තිබෙන වග කිව යුුතුය. මෙම ලිපිය මගින් පාඨක ඔබට යම් සංශිප්ත දළ අදහසක් ලබා ගත හැකිව ඇත.
නොපියවූ රාජ්‍ය ණය
01.මධ්‍යම රජයේ නොපියවූ ණය
02.රජ්‍යය ව්‍යවසායයන් ලද විශේෂ ව්‍යාපෘති ණය
03.රජයේ ඇපකර මත ලබා ගෙන ඇති ණය යන කාණ්ඩ තුන ඇතුලත්ව සමස්ථ රාජ්‍ය ණය සැකැස්ම නිර්මාණය වේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට 2019 වර්ෂය අවසානයේ පැවති 94.3% , 2020 වර්ෂය අවසානය වන විට 109.7% දක්වා සැළකිය යුතු ලෙස වැඩි විය. 2020 වර්ෂයේදී නාමික දළ දේශීය නිෂ්පාදිතයේ සිදු වූ සංකෝචනය මෙන්ම මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණයේ සිදු වූ ඉහළ යෑම මෙම නොපිය වූ රාජ්‍ය ණයෙයි ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.
2019 වර්ෂය අවසානයේදී සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 14,155.3කි. එය 2020 වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 16,427.1ක් දක්වා වැඩි විය. මෙහි සමස්තය ගත් විට මධ්‍යම රජය විසින් නොපියවූ ණය ප්‍රමාණය ප්‍රධාන වේ.
මධ්‍යම රජය විසින් නොපියවූ ණය
2019 වර්ෂයේදී රුපියල් බිලියන 13,031.5 වූ අතර 2020 වර්ෂය වන විට එය රුපියල් බිලියන 15,117.2ක් දක්වා විය. ප්‍රතිශතයක් ලෙස ගත් විට, සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණයෙන් 92.0% විය.
මධ්‍යම රජයේ සමස්ත නොපියවූ ණය
(රු.මිලියන) |
2017 | 2018 | 2019 | 2020 |
10,382,832 | 12,030,548 | 13,031,543 | 15,117,247 |
රජ්‍යය ව්‍යවසායයන් ලද විශේෂ ව්‍යාපෘති ණය
2019 වර්ෂය අවසානයේදී පැවති රුපියල් බිලියන 345.5ක මුදල 2020 වර්ෂය අවසානය වන විට රුපියල් බිලියන 323.5 දක්වා අඩු විය.
රජ්‍යය ව්‍යවසායයන් ලද විශේෂ ව්‍යාපෘති ණය වර්ග | 2017 | 2018 | 2019 | 2020 |
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම | 23,955 | 24,964 | 22,317 | 22,189 |
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය | 155,535 | 168,649 | 150,418 | 136,720 |
ශ්‍රී ලංකා වරාය අධිකාරිය | 150,730 | 172,517 | 172,717 | 164,602 |
රජයේ ඇපකර මත ලබා ගෙන ඇති ණය
2019 වර්ෂයේදී රුපියල් බිලියන 778.3 වූ අතර 2020 වර්ෂය වන විට එය රුපියල් බිලියන 986.4ක් විය. ප්‍රතිශතයක් ලෙස ගත් විට සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණයෙන් 6.0%ක් විය.
රජයේ ඇපකර මත ලබා ගෙන ඇති ණය වර්ග | 2017 | 2018 | 2019 | 2020 |
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම | 9,330 | 10,829 | 16,532 | 34,801 |
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය | 15,153 | 21,376 | 25,212 | 70,559 |
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව | 207,622 | 333,869 | 297,220 | 345,500 |
සීමාසහිත ලංකා නැව් සංස්ථාව | 11,436 | 13,098 | 12,613 | 12,505 |
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය | 28,060 | 36,843 | 35,311 | 35,562 |
සීමාසහිත ලංකා ගල් අගුරු (පුද්ගලික) සමාගම | 5,886 | 11,000 | 5,398 | 9,692 |
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | 63,836 | 85,541 | 102,339 | 138,180 |
වී අලෙවි මණ්ඩලය | 11,087 | 11,436 | 11,420 | 2,023 |
මාර්ග සංවර්ධන අධිකාරිය | 162,701 | 189,022 | 206,563 | 262,015 |
ශ්‍රී ලංකන් ගුවන් සමාගම | 26,750 | 31,981 | 32,083 | 43,530 |
අනෙකුත් සංස්ථා | 48,631 | 36,746 | 33,615 | 32,023 |
වාර්ෂික ණය ඉහළ යෑම
රාජ්‍ය අංශය වෙත සපයන ණය ඉහළ යෑම හේතුවෙන් බැංකු පද්ධතියේ ශුද්ධ දේශීය වත්කම් 2020 වසරේදී සැළකිය යුතු ලෙස ප්‍රසාරණය විය. 2020 වර්ෂයේදී ජය වෙත පවරන ශුද්ධ ණය රුපියල් බිලියන 1,752.1කින් සැළකිය යුතු ලෙස ඉහළ ගියේය.
ගෝලීය වසංගත තත්වය ඉතා අභියෝගකාරී අවස්ථාවක් වන බැවින් රට තුළ තිබෙන වාණිජ ව්‍යාපාර බොහොමයක මූල්‍ය තත්වය දුර්වල වීමක් ද දකින්නට ලැබුණි. එකී ගැටළුව ලෝකවාසී සියළු පුරවැසියාට බලපැවැත්වෙන තත්වයක වන අතර විදේශීය ණය අර්බුදය සේම දේශීය ණය අරුබුදය සම්බන්ධවද අප මීට වඩා සැලකිලිමත් විය යුතුය. මන්ද පාඩු ලබමින් ආයතන පවත්වාගෙන යෑම පිළිබදව ඉදිරියේදී තීරණයකට එළඹිය යුතු බව මෙම කරුණු පරිශීලනයේදී පැහැදිලි වනු ඇති නිසාය.
-
දිනේෂිකා ජයසේකර