“එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස පී. ඒස්.ඒම්.චාල්ස් පත්කිරීම” යන මාතෘකාව යටතේ පැතිර යන පුවත් සත්‍යද?

73

 

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය වන පී.එස්.එම්. චාල්ස් මහත්මියව එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමට නියමිත බව හැඟවෙන පුවතක් ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ යූ ටියුබ් නාලිකා කිහිපයක සංසරණය වෙමින් තිබේ.

මූලාශ්‍ර 

මූලාශ්‍ර

මූලාශ්‍ර

මූලාශ්‍ර

යූටිබ් පුවත
පසුබිම

‘එක රටක් එක නීතියක්’ නමින් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කෙටුම්පත් වාර්තාවක් සකස් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 13 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. මෙම කමිටුවට මේ වන විට සිංහල ජාතිකයින් 09 දෙනෙකු සහ මුස්ලිම් ජාතිකයින් 04 දෙනෙකු ඇතුළත්ය. ඔවුන් පහත පරිදි වේ.

01.ගලගොඩඅත්තේ ඥානසාර හිමි (නායක)
02.මහාචාර්ය දයානන්ද බණ්ඩාර
03.මහාචාර්ය චන්දිනන්දන විජේසිංහ
04.මහාචාර්ය සුමේද සිරිවර්ධන
05.ඒන්.ජී. සුජීව පණ්ඩිතරත්න
06.නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න
07.නීතිඥ සංජය මාරඹේ
08.එරන්ද නවරත්න
09.පානි වෑවල
10.මවුලවි මොහොමඩ් (ගාල්ල උලමා සභාව)
11.කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්
12.කලීල් රහුමාන්
13.අසීස් නිසාර්දීන්

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කමිටු නායකයා ලෙස පත් කර ඇති අතර දෙමළ මන්ත්‍රීවරුන් නොමැතිකම මෙන්ම කාන්තා නියෝජනයද නොතිබූ හෙයින් ඒය බොහෝ ආන්දෝලනයට ලක්ව ඇත. මේ බව බොහෝ පාර්ශ්ව පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය 2021.11.02 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල ලිපියක් යවා ඇත.

2021.11.01 සඳුදා දින ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාර්ය සාධක බලකායේ සභාපති ඥානසාර හිමි පැවසුවේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන බවයි.

උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා සිදු කරන ලද කරුණු විමර්ශනයකදී පෙනී ගියේ පී.ඒස්.ඒම්.චාල්ස් “එක රටක් එක නීතියක්” කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමට නියමිත බවට නිල වාර්තා නොමැති බවයි.

මේ සම්බන්ධව පී.එස්.එම් චාල්ස් මහත්මියගෙන් කළ විමසීමකදී, ඇය පැවසූවේ “එක රටක් එක නීතියක්” කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් තමාට නිල දැනුම්දීමක් ලැබී නොමැති බවයි.

ඊට අමතරව එම පුවතේ සත්‍යතාව පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් කළ විමසීමක දී ඔවුන් පැවසූවේ එවැනි නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි.

නිගමනය

උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාරවරියක වන පී.එස්.එම්. චාල්ස් “එක රටක් එක නීතියක්” කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස පත් කරන බව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර එය චාල්ස් මහත්මිය සහ ජනාධිපති මාධ්‍ය අංශය විසින් තහවුරු කරන ලදී.

 


Previous articleAre the rumors circulating under the headline “Appointment of P.S.M Charles as a member of the One Country One Law Task Force” true?
Next articleවිනී හෙට්ටිගොඩ විසින් සිතුවම් කළ කාටූනයක් ද?