“ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ ඩුබායි පිහිටි Burj Khalifa ගොඩනැගිල්ල” යන ශීර්ෂය සහිතව ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
උක්ත ඡායාරූපයෙහි සත්‍ය අසත්‍යතාව අනාවරණය කරගැනීම උදෙසා අප විසින් සිදු කළ තාක්ෂණික කරුණු පරීක්ෂාවේදී පැහැදිලි වූවේ එකී ඡායාරූපය 2019 අප්‍රේල් මාසයේ පළ වූ ඡායාරූපයක් බවයි.
2019 අප්‍රියල් 21 (පාස්කු ඉරිදා) ශ්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සහයෝගය දැක්වීම සඳහා 2019 අප්‍රියල් 26 දින ඩුබාහි Burj Khalifa ගොඩනැගිල්ලේ ශ්‍රී ලංකාවේ ධජයේ වර්ණ ආලෝකවත් විය.
එකී සිද්ධිය පිළිබඳව වාර්තා වීම් - The Indian Express , EMIRATES247 , Khaleej Times
තවද, 2021 ජනවාරි 01 වනදා “සුබ අලුත් අවුරුද්දක් වේවා ! 2021” යනුවෙන් ද ශ්‍රී ලංකා ධජය Burj Khalifa ගොඩනැගිල්ලේ වර්ණවත් වීය.
නමුත්, 2021 ඔක්තෝබර් 24 දින පැවති ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණය නිමිති කර Burj Khalifa කුළුණ වර්ණවත් වී ඇති බවට මෙතෙක් කිසිඳු විදෙස් මාධ්‍යයක් වාර්තා කර නොමැත.
එබැවින්, ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණය හේතුවෙන් ඩුබායිහි පිහිටි Burj Khalifa ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ධජයෙන් වර්ණවත් වූ බව හැඟවෙන ඡායාරූප 2019 අප්‍රියල් මාසයේ පළ කරන ලද ඡායාරූපයකි.