“තෙල් ටික හින්දා මේ මනුස්සය කරන විකාරයක් , අන්තිමට බිරිඳට පර්දාවකුත් ඇන්දුවා.” මැයෙන් නිර්මාණය වූ ඡායාරූපයක් සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
උක්ත ඡායාරූපයේ සත්‍ය අසත්‍යතාව අනාවරණය කරගැනීම උදෙසා අප විසින් සිඳු කළ කරුණු පරීක්ෂාවේදී පැහැදිලි කර ගැනීමට හැකි වූවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉරාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත වී ඇති බවයි.
එහිදී , සැප්තැම්බර් 26 වන දා ගෑස්ටෙක් 2021 සමුළුවට සමගාමීව පැවති එම සංචාරය අතරතුර සිය දූත පිරිස සමඟ ටෙහෙරානයේ පිහිටි ඉරාන ඉන්ධන පිරවුම්හල් කෞතුකාගාර නැරඹීමට එක් වූ අතර ඉහත ඡායාරූපය එකී අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයකි.
සංචාරය සඳහා බලශක්ති අමාත්‍යංශ ලේකම්වරියද සම්බන්ධ වූ බව අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිළ ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණි. සංචාරය අතරතුර ගනු ලැබූ තවත් ඡායාරූප කිහිපයක්ද අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබිණි.
උදය ගම්මන්පිල නිළ ෆේස්බුක් පිටුව
උක්ත කාරණාව සම්බන්ධව විමසීම සඳහා අප විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාව සම්බන්ධ කරගත් අතර ඔහු පැවසුවේ තම බිරිඳ එකී සංචාරයට සම්බන්ධ නොවූ බවයි.
තවද , එකී ඡායාරූපයේ සිටින්නේ අමාත්‍යංශ ලේඛම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
උදය ගම්මන්පිලගේ බිරිඳ දිනේෂා ගම්මන්පිල
උදය ගම්මන්පිලගේ බිරිඳ දිනේෂා ගම්මන්පිල වන අතර එකී ඡායාරූපයේ සිටින්නේ උදය ගම්මන්පිලගේ බිරිඳ නොව, ඇය බලශක්ති අමාත්‍යංශයේ ලේඛම් කේ.ඩී.ආර්. ඔල්ගාය.