සැප්තැම්බර් 12 වනදා ඉතාලියේ බොලොඤ්ඤා විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවට සහභාගී වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ ඉකුත් 10 වනදා ඉතාලිය බලා පිටත්ව ගියේ ය.
අග්‍රාමාත්‍යවරයා බොලොඤ්ඤා හි හෝටලයක සිට පිටතට පැමිණෙන අවස්ථාවේදී ඉතාලි වැසියන්ගේ ඝෝෂාව මැද තමන් පැමිණි වාහනයට ඇතුළු වන වීඩියෝවක් “බයි රජාගේ රෙදි ගැලවූ ඉතාලි හූව”, යනුවෙන් සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබුණි.
“බයි රජාගේ රෙදි ගැලවූ ඉතාලි හූව”
උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාව පැහැදිලි කරගැනීම උදෙසා අප විසින් සිදුකළ තාක්ෂණික කරුණු පරීක්ෂාවේදී අනාවරණය වූවේ උක්ත “බයි රජාගේ රෙදි ගැලවූ ඉතාලි හූව” ලෙස සංස්කරණය කළ වීඩියෝවේ “හූ” ශබ්දය එකී අවස්ථාවේ ඉතාලි ජාතිකයන් විසින් කළ “හූ” ශබ්දයක් නොවන බවයි.
එබැවින් එකී වීඩියෝවේ අන්තර්ගතව තිබූ “හූ” ශබ්දය නිව්ස් අයි ( News-i ) යූටිබ් නාලිකාවේ 2019 වර්ෂයේ වත්මන් ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය පිළිබඳ පල වූ “එජාප ප්‍රබලයන් හූ හඬ මැද්දේ රුවන්වැලි සෑයට”, යන වීඩියෝවෙන් උපුටා ගැනුනකි.
2021.09.13 වනදා ‘අද දෙරණ’ 06.55 ප්රවෘත්ති විකාශයෙන් ද විකාශනය කර තිබූ ආකාරය ;
‘අද දෙරණ’ 06.55 ප්රවෘත්ති විකාශය
අග්‍රාමාත්‍යවරයා බොලොඤ්ඤා හි හෝටලයකින් පිටතට පැමිණෙන අවස්ථාව දැක්වෙන “හූ” හඬක් එකතු කරමින් විකෘති කළ වීඩියෝව, 2019 වර්ෂයේදී නිව්ස් අයි ( News-i ) යූටිබ් නාලිකාවේ පළ කර ඇති “එජාප ප්‍රබලයන් හූ හඬ මැද්දේ රුවන්වැලි සෑයට , යන වීඩියෝවෙන් උපුටා ගැනුණු “හූ” හඬකි.