පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්ව වැඩසටහන 2021/22 සඳහා ජාත්‍යන්තර සිසුන්ට එක්සත් රාජධානියේ නොමිලේ උසස් අධ්‍යාපනය ලැබිය හැකි බවට WhatsApp පණිවිඩයක් සංසරණය වේ. එම පණිවිඩය,
“2021 එක්සත් රාජධානියේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම් කරන්න, එක්සත් රාජධානියේ නොමිලේ අධ්‍යයනය ලැබීම සඳහා පූර්ණ අරමුදල් සහිතය.
අයදුම් කිරීමට තත්පර කිහිපයක් ගත වේ. මෙම අවස්ථාව අතපසු නොකරන්න.
2021 පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්ව වැඩසටහනේ ප්රතිලාභ.
මෙම ශිෂ්‍යත්වය විසින් ආවරණය කරනු ලබන්නේ
-සම්පූර්ණ උපකාරක ගාස්තු
-ජීවන දීමනාව
-නවාතැන් පහසුකම්
-වෛද්‍ය පහසුකම්
– ගමන් දීමනා
– වැඩ බලපත්‍රයක්.
අයදුම් කරන්න
https://bit.ly/UK-Free-Scholarships”
WhatsApp පණිවිඩයේ පහතින් දක්වා ඇති සැබැඳියේ අයදුම්කරුගේ නම, විද්‍යුත් තැපැල් ලිපිනය, උපන් රට සහ අපේක්ෂා කරන අධ්‍යයන පාඨමාලාව වැනි පෞද්ගලික තොරතුරු විමසමින් අයදුම්කරු විසින් පිරවිය යුතු අයදුම් පත්‍රයක් ඇත. අයදුම් පත්‍රය අවසානයේ, මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්ව වැඩසටහන (Commonwealth Scholarship Program) හදුන්වා දී ඇත.
උක්ත පණිවිඩයේ කරුණු පරීක්ෂා කිරීම සඳහා අප විසින් එක්සත් රාජධානියේ පිහිටි British Council ප්‍රධාන කාර්යාලය, ශ්‍රී ලංකාවේ පිහිටි British Council ශාඛාව, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයෙන් ( Commonwealth and Development Office of the British High Commission) විමසා සිටියේය. එහිදී එම ආයතන විසින් ඊට පිළිතුරු ලබා දෙමින් පැවසුවේ ඉහත සඳහන් පණිවුඩයේ මූලාරම්භය ගැන ආයතනය නොදන්නා බවයි. තවද පොදුරාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව යනු ස්වාධීනව ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහනක් වන අතර British Council ආයතනය සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පොදුරාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව හැර වෙන ශිෂ්‍යත්ව වැඩසටහන් සංවිධානය කරන බවත් ප්‍රකාශ කරන ලදී.
ඉහත WhatsApp පණිවිඩය සම්බන්ධව ඔවුන්ගේ වැඩිදුර පැහැදිලි කිරීම වනාහි;
“උක්ත පණිවිඩයේ අක්ෂර වින්‍යාස දෝෂ ඇති අතර එය ඇමරිකානු නමුත් ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය සහ වැරදි තොරතුරු යනාදිය භාවිතා කර ඇත. මෙවැනි ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා අයදුම්පත් බෙදාහැරීමක් සිදු කරන්නේ නම්, එසේ බෙදා හැරීම ආයතන හරහා සිදු වන අතර WhatsApp වැනි මාධ්‍යක් හරහා ප්‍රචාරය නොකෙරේ. ආදි ශිෂ්‍යයින්ට අවස්ථා හුවමාරු කර ගැනීමට/ප්‍රවර්ධනය කිරීමට හැකි නමුත් මෙය එසේ නොවන බව පෙනේ. (2022/23 සඳහා වන නිවේදන බලා ගැනීම උදෙසා) පොදුරාජ්‍ය මණ්ඩල පශචාත් උපාධි ශිෂ්‍යත්ව – එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව කොමිසම (fcdo.gov.uk).”
අවසාන වශයෙන්, එක්සත් රාජධානියේ British Council ප්‍රධාන කාර්යාලය, ශ්‍රී ලංකාවේ British Council කාර්යාලය සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය ඉහත WhatsApp පණිවිඩයට සම්බන්ධ නොවන අතර එය ව්‍යාජ පණිවිඩයක් බව තහවුරු කරන ලදී.