සයිනොෆාම් එන්නත පිළිබඳව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රකාශයක් ලෙස සංසරණය වන ව්‍යාජ පුවතක්

143

මහාචාර්ය නීලිකා මලවිගේ විසින් සිදුකළ ප්‍රකාශයක් බව හැගවෙන පුවතක් සංසරණය වෙමින් තිබේ. එම පුවතේ සඳහන් වන පරිදි,

  • බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ සයිනොෆාම් එන්නත ලබා ගත් ඇතැම් අයවලුන්ට රටවලට ඇතුළුවීමට ඉඩ නොදෙන බව අසත්‍යයක් බවයි.
  • චීනයේ නිෂ්පාදිත මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් ලියාපදිංචි කර ඇති අතර එමඟින් එය විශ්වාසදායක එන්නතක් බව තහවුරු කෙරේ.
  • සමහර රටවලට ඇතුළු වීමේදී ලබා ගත යුතු එන්නත් පිළිබඳ තොරතුරු විකෘති කර ඇත.

අප විසින් සිදුකළ කරුණු පරීක්‍ෂාවේදී සයිනොෆාර්ම් (BBIBP-CorV) එන්නත පිළිගන්නා රටවල් සහ එහි විද්‍යාත්මක අනුමැතිය සහ එන්නත් කිරීමේ අවශ්‍යතා පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය.

සයිනොෆාර්ම් එන්නත ශරීරයේ ප්‍රතිශක්තියේ ප්‍රතිචාරය උත්තෙජනය කිරීම සඳහා, අක්‍රිය කළ වෛරස් භාවිතා කොට, පැරණි නමුත් සායනික පරීක්ෂණවලින් තහවුරු කරන ලද තාක්‍ෂණය මත පදනම්ව මෙම චීන ඖෂධීය නිෂ්පාදනයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් 2021 මැයි 7 දින නිළ අනුමැතිය ලබා දෙන ලදී. මේ දක්වා, ආජන්ටිනාව, චීනය, ලෙබනනය, පකිස්ථානය සහ වියට්නාමය ඇතුළු රටවල් 53 ක් සයිනොෆාර්ම් එන්නත අනුමත කර ඇත.

මේ අතර යුරෝපා සංගම් (EU) සහ යුරෝපා ආර්ථික කලාපයට (EEA) අයත් රටවල් 29 ක් යුරෝපා ඖෂධ ඒජන්සිය (EMA) විසින් අනුමත කර ඇති සියලුම කොවිඩ් එන්නත් වර්ග භාවිතයට සුදුසු බවට හඳුනාගෙන ඇත; ප්‍රතිශක්තිකරණය සඳහා වලංගු සාක්‍ෂියක් ලෙස ෆයිසර්/බයෝඑන්ටෙක් (Pfizer/BioNTech), මොඩර්නා (Moderna), ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca) සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) එම භාවිතයට සුදුසු යැයි අනුමත කළ කොවිඩ් එන්නත් වේ.. බොහෝ අවස්ථාවන්හීදී EMA අනුමත කළ කොවිඩ් එන්නත ලබා ගත් සියලු දෙනාටම ඉහත සඳහන් රටවලට සීමා රහිතව ඇතුළුවීමට අවසර දෙනු ඇත.

කෙසේ වෙතත්, සමහර රටවල් තවමත් සංචාරකයින්ට සුළු සංක්‍රමණ සීමාවන් පනවා ඇති නමුත් ඉහත සඳහන් කළ ඒවා හැර අනෙක් රටවල් විසින් වෙනත් කොවිඩ් එන්නතක් ලබාගත් අයට පවා ඇතුළුවීමට අවසර ලබා දී ඇත. මෙයින් අදහස් කරන්නේ EMA විසින් අනුමත කර ඇති එන්නත් හැරුණු විට රටවල් කිහිපයක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) හදිසි භාවිත ලැයිස්තුවේ ඇති එන්නත් ද හඳුනාගෙන ඇති බවයි.

VisaGuide.World විසින් සකස් කරන ලද නව මෙවලමකට අනුව, සංචාරකයින්ට ඔවුන් සංචාරය කිරීමට බලාපොරොත්තු වන විදේශ රටට ඔවුන්ගේ COVID-19 එන්නත වලංගු සාක්‍ෂියක් ලෙස පිළිගන්නේද යන්න සොයා ගැනීමට උපකාරී වන අතර, EMA විසින් අනුමත කළ එන්නත් වර්ගවලට පසුව ලොව වඩාත්ම පිළිගැනීමට ලක්වූ එන්නත් තුන නම් කොවිෂීල්ඩ් (Covishield), සයිනොෆාම් (Sinopharm) සහ සිනෝවාක් (Sinovac) එන්නත් ය.

තවද, ඉහත සඳහන් මෙම පුවතෙහි ඉදිරිපත් කර ඇති දත්ත මහාචාර්ය නීලිකා මලවිගේ විසින් ප්‍රකාශ කොට නොමැති බවත්, සයිනොෆාම් එන්නතෙහි වලංගුභාවය හෝ දේශසීමා හරහා ගමන් කිරීමේදී එය කෙසේ බලපායිද යන්න ගැන කතා කිරීම සඳහා කිසිඳු මාධ්‍ය හමුවකට හෝ වෙනත් අදාළ වැඩසටහනකට සහභාගී වී ඒ පිළිබඳ අදහස් දක්වා නොමැති බව මහාචාර්යවරිය තහවුරු කළාය. එසේම මේ පිළිබඳව සහ මෙම එන්නත පිළිබඳ සංසරණය වන තොරතුරු විකෘති වීම ගැන ඇය කිසිඳු ප්‍රකාශයක් කර නොමැත.

ඒ අනූව, සයිනෝෆාර්ම් එන්නත විදේශ සංක්‍රමණ සීමාවන්ට බලපාන බවට හෝ එන්නතේ වලංගු භාවය ගැන හෝ මෙම එන්නත පිළිබඳ තොරතුරු විකෘති කර ඇති බවට මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කර නැති බව කියන ප්‍රකාශන සාවද්‍ය එකකි.

 


   

Previous article2021/22 අධ්‍යන වර්ෂය සඳහා එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් පිරිනමන පූර්ණ ශිෂ්‍යත්වයක් ලෙස සංසරණය වන ව්‍යාජ WhatsApp පණිවිඩයක්
Next articleThe WhatsApp message circulating regarding fully-funded scholarships offered by the Commonwealth Scholarship Program in the United Kingdom for 2021/22 intake, is fake