මිනිසෙකුගේ සහ ඌරෙකුගේ ස්වරූපය රැගත් දෙමුහුන් අසාමාන්‍ය සත්ත්වයෙකුගේ ඡායාරූප, මූර්ති ශිල්පිනියකගේ නිර්මාණයකි.

353

පසුගිය දින කිහිපය තුළ, මිනිසෙකුගේ සහ ඌරෙකුගේ ස්වරූපයට සමාන වන අසාමාන්‍ය ළදරු සතෙකුගේ උපතේදී ලබා ගත් ඡායාරූප සහ වීඩියෝ එකතුවක් සමඟ සමාජ මාධ්‍ය තුළ ලිපි කිහිපයක් හුවමාරු වෙමින් තිබුණි. එකී එක් ලිපියකින් කියවෙන්නේ, “ඌරෙකුට සහ මනුෂ්‍යයෙකුට සමාන සත්ත්වයෙකු උපතක් හේතුවෙන් මුර්ගා වැසියන් කම්පනයට පත් ව ඇති බවයි. ඊයේ උදෑසන ‘කමවු’ නැමැති පුද්ගලයෙකු තම නිවසේ කලබලයක් ඇසුණු නිසා ඔහු සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමට ගිය විට තමා ඇතිදැඩි කරන ඊරිය ප්‍රසූතියක් සිදු කර ඇති බව දකින්නට විය. ප්‍රසූතිය සාර්ථකව සිදු කිරීමට ඔහු ඊරිය ළඟින්ම සිටින අතර නමුත් උපත ලැබූ ඌරු පැටවා අසාමාන්‍ය ස්වරූපයක් රැගත් සත්තවයෙකු වීම නිසා ඔහු කම්පාවට පත් වී ඇත.”

උක්ත ලිපිය හැරුණු විට, ෆේස්බුක්, ට්විටර් සහ යූටියුබ් යන සමාජ වෙබ් අඩවි පරිශීලකයන් විසින් මේ සිදුවීම සම්බන්ධව වසර කිහිපයක සිටම බෙදා හරින ලද සමාජ මාධ්‍ය පලකිරීම් ද දක්නට ලැබුණි;

ෆේස්බුක් සබැඳි:
https://cutt.ly/PWzeNK5
https://cutt.ly/YWzwtLQ
https://cutt.ly/rWzwW4X
https://cutt.ly/kWzes05
https://cutt.ly/jWzeluY
https://cutt.ly/vWzebef
https://cutt.ly/pWzeWe6
https://cutt.ly/AWzeThG
https://cutt.ly/xWzeI5p
https://cutt.ly/9Wzr7vs

ට්විටර් සබැඳි:
https://cutt.ly/CWztWWx

යූටිබ් සබැඳි:
https://cutt.ly/zWzwsiA
https://cutt.ly/2WzwMtV

‘Google Reverse Image’ තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙම ඡායාරූප සමූහය පිළිබඳව සිදුකළ තාක්‍ෂණික කරුණු පරීක්‍ෂාවලින් අනාවරණය වූයේ මෙම සියලු පලකිරීම් වලින් කියවෙන්නේ මෙම අදාළ සත්ත්වයා සජීවී ඌරු-මිනිස් දෙමුහුන් ජීවියෙකු බවයි.

මෙම කතාව පිළිබඳ සිදුකළ වැඩිදුර විමර්ශන වලදී හෙළි වූයේ මෙය 2018 ජූලි 25 දින ඉතාලි ජාතික මූර්ති ශිල්පිනියක් වන “ලයිරා මගනුකෝ” (Laira Maganuco) විසින් කරන ලද නිර්මාණයක් බවයි. ලොව පුරා වාර්තා වූ යම් වැරදි තොරතුරු හේතුවෙන් මෙම කලා නිර්මාණය පිළිබඳව ඇය විසින් ඉදිරිපත් කළ මුල් ෆේස්බුක් සටහන යටගොස් තිබූ බවත් ඇය සඳහන් කරයි. එහිදී මෙම දෙමුහුන් සත්ත්වයා සිලිකන් මිශ්‍ර මූර්ති නිර්මාණයක් ලෙසට සාදා ඇති බවත් ඇය සඳහන් කරයි.


මූලාශ්‍රය

ඇය තම නිල ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ද මෙම කලා කෘති ප්‍රවර්‍ධනය කර ඇත;


මූලාශ්‍රය

මීට අමතරව, ඇගේ මූර්ති නිර්මාණ ප්‍රවර්‍ධනය කරන නිල වෙබ් අඩවියක් ද ඇති අතර එය “Laira Maganuco Art Gallery” යන නමින් නම් කර ඇත. එහි මානව-ඌරු දෙමුහුන් බිළිඳාගේ මූර්ති නිර්මාණය ද ඇතුළත් වේ.

නිල ෆේස්බුක් පිටුව
නිල ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව

මීට අමතරව මාධ්‍ය ආයතන ගණනාවක් මෙම කතාව පිළිබඳව කරුණු පරීක්‍ෂා කර ඇති අතර ව්‍යාජ කරුණු එළිදරව් කිරීමට උත්සාහ කර ඇත;

PesaCheck 
The Indian Express 
TimesNowNews.com 
Africa Check 
LatestLY
Unknown facts Tamil
The Quint 

එම නිසා ලොව ප්‍රථම මිනිසෙකුගේ සහ ඌරෙකුගේ ස්වරූපය රැගත් දෙමුහුන් අසාමාන්‍ය සත්ත්වයෙකුගේ ප්‍රසූත වී ඇති බවට වාර්තා වන පුවත සත්‍යයක් නොවන බවත්, එසේ හඟවන ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමූහය 2018 දී ඉතාලි මූර්ති ශිල්පිනියක් වන ලයිරා මාගනුකෝ විසින් නිර්මාණය කළ සිලිකන් මිශ්‍ර මූර්තියක් බවත් ගම්‍ය වේ.


Previous articleமனித-பன்றி கலவையை ஒத்ததாக பரவி வரும் அசாதாரண உயிரினத்தின் படங்களில் இருப்பது சிலிக்கன் கலந்து செய்யப்பட குழந்தை சிற்பமாகும்.
Next articleThe images of an unusual creature resembling a human-pig combination is a silicone baby sculpture