“සියලුම ආකාරයේ මාර්ගගත ගෙවීම් සිදුකිරීමත් තහනම් වෙයි”, යන ශීර්ෂය සහිත ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
අදාළ සටහන:
“ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි debit කාඩ් භාවිතයෙන් මෙරට සිදු කරන සියලුම අන්තර්ජාල ගෙවීම් පහසුකම් තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත”
තවද , “මෙරට සිදුකරන විදේශීය විභාග, උපාධි පාඨමාලා ආදිය සඳහා ද මුදල් ගෙවීමේ හැකියාව මෙමඟින් අහිමි වේ”, යන්න උක්ත ශීර්ෂය සහිත ලිපියේ අන්තර්ගතය විය.
මෙම පුවතෙහි සත්‍ය අසත්‍යතාව පැහැදිලි කර ගැනීම සඳහා අප විසින් සිදු කළ තාක්ෂණික කරුණු සෙවීමේදී අනාවරණය වූවේ ණය කාඩ්පත් (Debit card) සහ හර කාඩ්පත් (Credit card) භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති අතර එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිඳු කළ හැකි බවයි.
ශ්‍රී ලංකා මහ බැංකු නිවේදනයකින් උක්ත කාරණය පිළිබදව ජනතාව දැනුවත් කරමින් පවසා තිබුනේ ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බවය. එහිදී සියලුම ආකාරයේ මාර්ගගත ගෙවීම් නවතා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු නිවේදනයෙන් තහවුරු කර තිබුණි.
කෙසේ වෙතත් තවමත් බලාත්මක වන්නේ 2021.03.18 දිනැති 2021 අංක 02 දරන ජංගම ගනුදෙනු සඳහා වන විධානයන් වන අතර විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත සඳහා වන විධානයන් වන්නේ 2021.03.18 දිනැති 2021 අංක 03 දරන විධානයන්ය.
2021.03.18 දිනැති 2021 අංක 02 දරන ජංගම ගනුදෙනු සඳහා වන විධානයන්
2021.03.18 දිනැති 2021 අංක 03 දරන විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත සඳහා වන විධානයන්
තවද , හර කාඩ්පත් (Credit card) තම පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා භාවිතා කළ හැකි අතර එය වාණිජමය අවශ්‍යතාවයන් සදහා භාවිතා කිරීමේදී යම් යම් සීමාවන් පනවා ඇති අතර ණය කාඩ්පත් (Debit card)භාවිතයේදී කිසිඳු ගැටලුවක් නොමැතිව විධානයන්ට අනුකූලව තම ගෙවීම් කිරීමේ හැකියාව ඇත.
එබැවින් සියලුම මාර්ගගත ගෙවීම් සිදුකිරීම නවතා ඇති බවට සංසරණය වන පුවත නොමඟයවන සුළු පුවතකි.