“අජිත් රෝහණ නියෝජ්‍ය පොල්ස්පති තුමනි , නිදුක් නිරෝගී සුවයම ලැබේවා”, යනුවෙන් සඳහන් කරමින් අජිත් රෝහණ මහතාට ඉක්මන් සුව පතමින් ඡායාරූපයක් සහිතව සැකසුන පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාව පැහැදිලි කර ගැනීම උදෙසා අප විසින් සිදු කළ තාක්ෂණික කරුණු පරීක්ෂාවේදී අනාවරණය වූවේ එම බෙදාහරිමින් තිබෙන ඡායාරූපය අජිත් රෝහණ මහතාගේ රුවට සමාන රුවක් ඇති පෘතුගාල් ජාතිකයෙකුගේ ඡායාරූපයක් බවයි.
එම පෘතුගාල් පුද්ගලයා tiago.arieiv නැමැති ඔහුගේ ටික්ටොක් ගිණුමෙන් මීට දවස් දෙකකට පෙර “මම කෝවිඩ්-19 ජයග්‍රහණය කළා. දෙවියන් වහන්සේ මාගේ ජීවිතය ආශ්චර්යමත් කළා.” යනුවෙන් සඳහන් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මුදා හැර ඇත.
අජිත් රෝහණ මහතා මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු මේ වන විට යතා තත්වයට පත්වෙමින් ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.
එබැවින් උක්ත වීඩියෝවේ දර්ශනයක් අජිත් රෝහණ මහතා යැයි හැඟවෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගනිමින් තිබෙන අතර එම ඡායාරූපය අජිත් රෝහණ මහතාගේ ඡායාරූපයක් නොවන අතර එය පෘතුගාලයේ පුද්ගලයෙකුගේ ඡායාරූපයකි.