කෝවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට සංසරණය වන ව්‍යාජ පුවතක්

231

“කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කරන ලද අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔබට නිවන් සුව ලැබේවා!”යන්නෙන් නිර්මාණය වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

 

   

 

අප විසින් ඉහත පුවතේ සත්‍යාපනය උදෙසා සිදු කළ තාක්ෂණික කරුනු පරීක්ෂාවේදී අනාවරණය වූවේ මංගල සමරවීර මහතාට අගෝස්තු මස 13 වන දින කෝවිඩ්-19 ආසාදනය වී ඇති නිසාවෙන් ඔහු පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.

අගෝස්තු මස 13 වන දින පළ වූ ලිපිය , අගෝස්තු මස 16 වන දින පළ වූ ලිපිය

එහිදී මංගල සමරවීර මහතා මේ වන විට අභාවප්‍රාප්ත වී ඇති බව පැවසෙන පුවතේ සත්‍ය අසත්‍යතාව පැහැදිලි කර ගැනීම උදෙසා අප විසින් මංගල සමරවීර මහතා ඇතුළත් කර ඇති පෞද්ගලික රෝහ‍ල සම්බන්ධ කරගත් අතර කාර්යමණ්ඩල සේවකයෙකු පැවසුවේ මංගල සමරවීර මහතා මේ වනවිට යතා තත්වයට පත් වෙමින් සිටින බවයි.

එබැවින් මංගල සමරවීර මහතා කෝවිඩ්-19 ආසාදනය වීමෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින නමුත් ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත ව්‍යාජ පුවතකි.

 


       

Previous articleA misleading photograph of young people painting murals celebrating the Taliban victory over Afghanistan
Next articleமங்கள சமரவீர கோவிட் -19 காரணமாக காலமானதாக பரவி வரும் செய்தி போலியானது!