තලෙයිබාන් සාමාජිකයින් ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමේ ජයග්‍රහණය සමරමින් තරුණයින් තාප්ප සිතුවම් කරන බව කියවෙන නොමඟයවන සුළු ඡායාරූපයක්

221

“ඇෆ්ගන් තලෙයිබාන් තරුණයින් තාප්ප සිතුවම් කරමින් ලැබූ ජයග්‍රහණය සමරන අයුරු”, යන ශීර්ෂය සහිතව ඡායාරූපයක් එකතු කරමින් සැකසූ පෝස්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාව අනාවරණය කර ගැනීම උදෙසා අප විසින් සිදු කළ තාක්ෂණික කරුණු සෙවීමෙන් අනාවරණය වූයේ අදාළ ඡායාරූපයේ දැක්වෙන්නේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් හි පිපිරුම් බිත්ති වල එරට ස්වාධීන කලාකරුවන් විසින් 2019 අගෝස්තු මස 30 වන දා ටියුලිප් තීන්ත ආලේප කරන අවස්ථාවක් බවයි.

එම ඡායාරූපය, 2019 සැප්තැම්බර් 01 වන දින, “එක්සත් ජනපද තලෙයිබාන් සාම සාකච්ඡා වලදී යුද්ධයෙන් වෙහෙසට පත් වූ ඇෆ්ගනිස්ථානුවන් තම රටේ ඉරණම ගැන හඬක් නොදක්වයි”, යන ශීර්ෂය සහිතව ‘Sightline Media Group’ මාධ්‍ය ආයතන⁣යේ MilitaryTimes , AirforceTimes , NavyTimes යන වෙබ් අඩෙවි ත්‍රිත්වයේම පළ වී තිබුණි.

එබැවින් උක්ත ඡායාරූපය පසුගියදා තලෙයිබානුවන් විසින් ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගන්නා ලද අවස්ථාවේ ජයග්‍රහණය සමරමින් බිත්ති සිතුවම් කිරීමක් බව හැඟවෙන පුවත ව්‍යාජ පුවතකි.

 


Previous articleஆப்கானிஸ்தான் மீதான தலிபான்களின் வெற்றியை இளைஞர்கள் சுவரோவியங்களை வரைந்து கொண்டாடுவதாகக் காட்டும் புகைப்படம் தவறானது.
Next articleA misleading photograph of young people painting murals celebrating the Taliban victory over Afghanistan