සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූ බව කියවෙන “සුප්‍රකට පාපන්දු ක්‍රීඩකයාගේ ක්‍රීඩා සමාජ මාරුවේ සුලමුල හෙළිවේ” මැයෙන් සංසරණය වන ව්‍යාජ පුවතක්

227

“සුප්‍රකට පාපන්දු ක්‍රීඩකයාගේ ක්‍රීඩා සමාජ මාරුවේ සුලමුල හෙළිවේ, ගෝඨාභයගේ හෙංචයියෙක් වන නිශ්ෂංක සේනාධිපති බාසිලෝනා කණ්ඩායම සමඟ සම්බන්ධ වී ගැසූ උගුලක්. රටේ තිබෙන කොරෝනා තත්වය අමතක කරවීම අරමුණයි,” යන්නෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම භාවිතා කරමින් නිර්මාණය කළ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

තවද උක්ත පුවත දීර්ඝව “මොන ගේම ගැහුවත් රටේ ප්‍රශ්න මිනිසුන්ට අමතක කරන්න බෑ කියලා රටේ මහ එවුන් දැනගත්තොත් හොඳයි. කිසිම ගේම් එකක් ජවිපෙට වහලා ගහන්න බෑ කියන එකත් මතක තියාගනිල්ලා”, යන්නෙන් ද අන්තර්ගත වීය.

උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාව අනාවරණය කිරීම උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රන්ජන් මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ උක්ත පුවත ව්‍යාජ පුවතක් බවයි. එවැනි ප්‍රකාශයක් සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු නොකළ බවත් ඔහු පැවසුවේය.

එබැවින් උක්ත පුවතින් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම අවභාවිතා කර ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එකී පුවත ව්‍යාජ පුවතකි.

 


     

Previous articleFake statement said to be made by Sunil Handunnetti reading “The root cause for the famous football player’s transfer to another sports club revealed”, is fake
Next article“பிரபல கால்பந்து வீரர் மற்றொரு விளையாட்டுக் கழகத்திற்கு மாற்றப்பட்டதற்கான மூல காரணம் தெரியவந்தது” எனும் தலைப்பில் சுனில் ஹந்துன்நெத்தி வெளியிட்ட அறிக்கையாக பரவும் செய்தி போலியானது.