කතාවේ පසුබිම
ජුනි මස 07 වන දින 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීම හේතුවෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගත් අතර පසුව එම දැරියව lanka.edz.com නැමැති වෙබ් අඩෙවිය සහ තවත් වෙබ් අඩෙවි තුනකින් අලෙවි කර ඇති බව වාර්තා විය. පසුව උක්ත සිද්ධිය සම්බන්ධව ළමා හා කාන්තා කාර්යංශය මගින් පරීක්ෂණ ආරම්භ කළ අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ තැනැත්තන් වෙළදාම් පිළිබඳ අංශය ද, අපරාධ පරීක්ෂණ කොට්ඨාසය මගින් ද විමර්ශණ සිදුකර පුද්ගලයන් 41 දෙනෙකුට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
ඉහත දක්වා ඇති පුද්ගලයන් 41 දෙනාගෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ වෘත්තීමය තත්ත්ව අනාවරණය කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සිද්ධිය සම්බන්ධව ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කරුණු දැක්වීය.
අදාළ සබැඳි :
YouTube Link 1 , YouTube Link 2 , YouTube Link 3 , YouTube Link 4 , Web Link 1
මුල් කාල සීමාවේදී මුදල් ලබා දී දැරිය අපයෝජනයට ලක් කර පුද්ගලයන් සොයා පොලිසිය කළ විමර්ශණයන්ට අනුව අත්අඩංගුවට පත් කරගත් අයගෙ නම් කිහිපයක් ප්‍රසිද්ධ කරන ලදී. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ, චීවරධාරියෙකු සහ මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු වන මොහොමඩ් ආශ්මලී නම් අයවලුන්ව ප්‍රසිද්ධියට පත් කරන ලදී.
අදාළ සබැඳි : YouTube Link 5 , YouTube Link 6
හුවමාරු වූ පුවත්
“පහළොස් හැවිරිදි දැරිය අපයෝජනය කළ ප්‍රසිද්ධ නම් රැසක් හෙළි වෙයි” යන සිරස්තලය සහිතව ‘15 හැවිරිදි දැරියක් මුදලට අලෙවි කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට අදාල දැරිය අපයෝජනයට ලක් කරන ලද පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් පිළිබඳව තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන තිබෙන අතර ඉන් හතලිහකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත’ යන අන්තර්ගතය සහිතව 50 දෙනෙකුගේ යුත් නම් ලැයිස්තුවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.
අදාළ සබැඳි : Web Link 2 , Facebook Link
එහිදී පහළොස් හැවිරිදි දැරිය අපයෝජනය කළ සිද්ධියට අදාළව මෙතෙක් පුද්ගලයන් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සංසරණය වන නම් ලැයිස්තුවේ පුද්ගලයන් 50කගේ නම් සඳහන් වේ.
කරුණු පරීක්ෂාව
උක්ත සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කර ගැනීම උදෙසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාව සම්බන්ධ කරගැනීමෙන් පසු ඔහු පැවසුවේ මෙතෙක් දැරිය අපයෝජනය කළ අයවලුන්ගේ නම් ලැයිස්තුවක් පොලීසිය විසින් මුදා හැරීමට කටයුතු කර නොමැති බවයි. උක්ත ලැයිස්තුවේ අත්අඩංගුවට පත් කිහිප දෙනෙකුගේ නම් තිබෙන අතර අනෙකුත් පුද්ගලයන් සම්බන්ධව ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි බව ඔහු පැවසුවේ ය.
ප්‍රසිද්ධ මාධ්‍ය හරහා වෘත්තීයමය තත්ත්ව හෙළි කළ ද බහුතරයගේ නම් පොලිසිය විසින් මෙතෙක් හෙළි නොකර ඇති අතර පරීක්ෂණ කටයුතු තවමත් සිදුවන බව ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ ය.
නිගමනය
මෙම නිසා මෙම නම් ලැයිස්තුව තහවුරු කරන ලද කරුණු මත පදනම් නෛාවන ව්‍යාජ ලැයිස්තුවක් බව පෙනී යයි.