“නාඩගම් එපා! රනිල් වික්‍රමසිංහ විපක්ෂනායක කරනු!
“නාඩගම් එපා! අවුරුදු එකහමාරකට පසු වැඩි කල තෙල් මිල, මංගලගේ මිල සූත්‍රයට අනුව දවසින් දවස වැඩි කරනු”
“නාඩගම් එපා! ලැට් එක ලගට එන්න”
https://m.facebook.com/story.php?story_fbid=229953392305161&id=123812759585892
https://www.facebook.com/groups/255003706035608/permalink/342972320572079/
යන තේමා පාඨ ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කර ඇති බවට හැඟවෙන පෝස්ටු බොහෝ ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
මෙම පෝස්ටුවේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අප විසින් සිදු කරන ලද තාක්ෂණික කරුණු පරීක්ෂණයේදී අනාවරණය කරගැනීමට හැකි වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් 2021 ජුනි මස 14 වන දින ‘ජවිපෙ ශ්‍රී ලංකා’ නිල ෆේස්බුක් පිටුවෙහි පල කර තිබූ “නාඩගම් එපා! වැඩි කල තෙල් මිල වහා අඩු කරනු”
https://www.facebook.com/574466252642666/posts/4080856965336893/
යනුවෙන් සඳහන් සැබෑ පෝස්ටුව මෙලෙස ව්‍යාජව සංස්කරණය කරමින් හා වෙනත් අන්තර්ගතයන් ගම්‍යමාන වන ලෙස සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවයි.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රන්ජන් මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ “නාඩගම් එපා, වැඩිකල තෙල් මිල වහා අඩු කරනු” යන මැයෙන් නිර්මාණය කරන ලද සැබෑ පෝස්ටුවේ අඩංගු තොරතුරු අවභාවිත කරමින් හා වෙනත් අසත්‍ය තොරතුරු එක්කරමින් සහමුලින්ම ව්‍යාජව නිර්මාණය කරන ලද අසත්‍ය පෝස්ටු කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණයවන අතර ඒ කිසිදු ව්‍යාජ පෝස්ටුවක් ජවිපෙ විසින් නිර්මාණය නොකල බවත් පහත සබැඳියට පිවිසීම මගින් සැබෑ පෝස්ටුව පිළිබඳව වැඩිදුර විස්තර දැන ගත හැකි බවත් එතුමා පැවසීය.
සබැඳිය – https://www.facebook.com/574466252642666/posts/4080856965336893/