“සංචරණ සීමා කාලයේ අනවශ්‍ය ගැබ් ගැනීම වළක්වා ගන්න”යනුවෙන් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින බවට වන පුවත් බොහොමයක් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය තුළ හුවමාරු වේ.
Facebook Link 1 , Facebook Link 2 , Web Link 1
හුවමාරු වන පුවත් බොහොමයකම සඳහන්ව ඇත්තේ කෝවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය පිණිස සංචරණ සීමා පනවා ඇති මෙවන් කාල වකවානුවක මෙරට අනවශ්‍ය ගැබ් ගැනීම් අධිකව ඇති බැවින් එය වලක්වා ගන්නා ලෙස ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
Facebook Link 3 , Facebook Link 4 , Facebook Link 5
කරුණු පරීක්ෂාව
හුවමාරු වන පුවත්වල නිරවද්‍යතාවය අනාවරණය කර ගැනීම සඳහා අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂණයේදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ, 2021.06.02 වන දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී,
“සාමාන්‍ය සායන කටයුතු ක්‍රියාත්මක කරන උපදෙස් මාලාව තුළ වාර්තා වූ අනවශ්‍ය ගැබ් ගැනිමේ ක්‍රම පිළිබඳව සාමාන්‍ය දැනුවත් කිරීම සහ ඒ පිළිබඳව යලිත් අවදානය යොමු කිරීමත්, මෙම කාල සීමාවේදී පවා එම වැඩ කටයුතු දිගටම කරගෙන යන්නත් විශේෂ හේතුවක් තිබේද?” යනුවෙන් මාධ්‍යවේදීයෙකු විසින් ඇසූ පැනය සඳහා,
“සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළදීත් අනවශ්‍ය ගැබ් ගැනීම වලක්වා ගැනීම අවශ්‍ය බවත්, මෙහිදී වැදගත් වන්නේ තම පවුල පිළිබදව දෙමව්පියන්ගේ තීරණය බවත්, පවුල් සංවිධාන ක්‍රමයක් භාවිතා කරන යුවල්වලට උපදෙස් ලබා දීමේ සේවාව සාමාන්‍ය පරිදි සිදු වන අතර, සමහර විට සෞඛ්‍ය සේවා නිලධාරීන් නිවසටම පැමිණ හෝ ඔවුන්ගේ පවුල් සංවිධාන සායන හරහා සේවා ලබා දීම සිදු කරන බවත්, පසුගිය වර්ෂයේ කෝවිඩ් – 19 වසංගතය ආරම්භක අවධියේ සිට මේ වන තුරු පවුල් සංවිධාන සේවාවන් නතර කර නොමැති අතර මෙය දිගින් දිගටම සිදුකරන බවටත් , මෙම සේවය නැවැත්වුවහොත් පවුලේ ආරක්ෂාව සහ යහපතට යම් යම් ගැටලු ඇති විය හැකි බැවින් පවුල් සංවිධාන සේවා සහ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීම සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාංශ්‍ය දිගින් දිගටම ක්‍රියාත්මක වන අතර, ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තිබේ නම් තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නැතහොත් ළඟම ඇති රෝහලට ගොස් අවශ්‍ය සේවාව ලබාගැනීමට කටයුතු කළ හැකිය”,
යනුවෙන් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය එම අවස්ථාවේදී ලබා දුන් පිළිතුර වෙනුවට සංචරණ සීමා කාලයේ අනවශ්‍ය ගැබ් ගැනීම් අධිකව ඇති බැවින් එය වළක්වා ගත යුතු බව ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනයාගෙන් ඉල්ලා සිටින බවට නොමගයවනසුළු පුවතක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බවයි.
උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා චිත්‍රමාලි ද සිල්වා මහත්මියගෙන් විමසීමේදී ඇය පවසා සිටියේ සංචරණ සීමා පැවතියත් පවුල් උපදේශන සේවය දිගින් දිගටම ක්‍රියාත්මක වන බවටත්, අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීම අවශ්‍ය බවටත් තමා මාධ්‍ය හමුවකදී පැවසූ කරුණු, ‘සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ අනවශ්‍ය දරු උපත් අධිකව ඇති වන බැවින් එය වළක්වා ගත යුතුය යන්න පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනයාගෙන් ඉලා සිටින බවටත්’ නොමඟයවනසුළු ආකාරයෙන් ඉදිරිපත් කර ඇති බවයි. මෙහි ‘සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ අනවශ්‍ය ගැබ් ගැනීම් ඉහළගොස් ඇති බව’ ට වන කොටස එකතු කර මෙම පුවත නොමඟයවනසුළු ලෙස සංස්කරණය කර ඇත.