ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ක්‍රියා වර්ධනය වෙමින් පවතින බවත් නුදුරු දිනකදී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය හැකි බවත් සංචාරකයින් ගැවසෙන ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, ආපන ශාලා, සුපිරි වෙළඳසැල්, පොදු ස්ථාන, හෝටල්, රෙස්ටූරන්ට්, ආගමික ස්ථාන, ගුවන්තොටුපොළවල්, විශාල සංස්කෘතික උත්සව, අධ්‍යාපන ස්ථාන, රෝහල් ආදිය ත්‍රස්ත ඉලක්ක විය හැකි බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇති බවට වන පුවතක් වට්ස් ඇප්, ෆේස්බුක් සහ වෙබ් අඩෙවි ඇතුළු සමාජ මාධ්‍ය තුළ හුවමාරු වේ.
(https://m.facebook.com/story.php?story_fbid=551983252854660&id=117066116346378&sfnsn=mo)
කරුණු පරීක්ෂාව
උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂාවේදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව (CDC) ආයතනය මගින් විවිධ රටවල ලබාදෙන නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකාවට සංචරණය කිරීමෙන් වළකින ලෙස 04 වන මට්ටමේ නිවේදනයක් නිකුත් කර ඇති බවයි. මෙය කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සිදු කරන ලද නිවේදනයක් වන අතර දකුණු අප්‍රිකානු කලාපයේ බොහෝ රටවලටද මෙසේ සංචරණය කිරීමෙන් වළකින ලෙස CDC ආයතනයෙන් නිවේදනයන් නිකුත් කර ඇත.
ඇමරිකානු රාජය දෙපාර්තුමේනතුවේ වෙබ්අඩවියේ යාවත්කාලීන කිරිමේ පිළිවෙල පිළිබඳ කරන ලද තාක්ෂණික පරීක්ෂාවේදී පෙනී ගියේ මෑත කාලය තුළ අඛණ්ඩව නිකුත් කර තිබූ ත්‍රස්තවාදී ක්‍රියා ඇතිවිය හැකි බවට වන අනතුරු ඇඟවීම ඒ ආකාරයෙන්ම පැවති බවයි. සංචාරකයින්ට අවධානමෙන් තොර රටක් ලෙස 01 වන අදියරේ පැවති තත්වය 2019.04.21 දින පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව 2වන අවධානම් මට්ටම දක්වා වැඩිකර ඇත.
02 වන තත්වයේ පැවති අවධානම් තත්වය 2020 අගෝස්තු 06 වන දින 03 වන අදියර දක්වා ඉහළ දමා ඇත්තේ කොවිඩ් 19 තත්වය සැළකිල්ලට ගනිමිනි. එම අදියරේදී සංචාරයට යෑමට පෙර දෙවරක් සිතීමට උපදෙස් දෙනු ලබයි.
3 වන අදියරේ පැවති අනතුරු ඇගවීම පසුගිය 24 වන දින 4වන අදියර දක්වා වැඩිකර ඇත. එම අදියරේදී සංචාරය කිරීමෙන් වළකින ලෙස උපදෙස් දෙනු ලබයි. මෙය උපරිම අවධානම් බව පෙන්වන අධියර වේ. මෙම නිවේදනය වර්ධනය වන කොවිඩ් තත්වය සැළකිල්ලට ගෙන යාවත්කාලීන කළ බව නිවේදනය පහතින් දක්වා ඇත. මෙම නව නිවේදනයේ පෙර පැවති ත්‍රස්තවාදී අවධානම ද ඒ ආකාරයෙන්ම සඳහන් වන නමුත් 04වන මට්ටමට වර්ග කිරීමට හේතු වී ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ අවධානම නොවන බව පැහැදිලි වේ.
(https://travel.state.gov/…/sri-lanka-travel-advisory.html)
එමෙන්ම කෝ්විඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, ත්‍රස්තවාදී ක්‍රියා ඇතිවීම පිළිබඳව රට තුළ හුවමාරු වන අසත්‍ය ප්‍රචාර පිළිබඳව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විසින් 2021 මැයි මස 26 වන දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලද සංචරණ සීමා අනුව ත්‍රස්තවාදී කාණ්ඩයට ඇතුලත් කිරීම පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි.
තවද ආරක්ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන ආයතන විසින් ජාතික ආරක්ෂාව මනාව තහවුරු කර ඇති බවත් වර්තමානයේ රට තුළ පවතින කෝවිඩ් – 19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ මෙසේ එක්සත් ජනපදය විසින් 4 වන මට්ටමේ සංචරණ සීමා නිකුත් කර ඇතත් එහිදී ත්‍රස්තවාදී තර්ජන සබැඳිව අඩංගු වීම එම වර්ග කිරීමේ ක්‍රියා පිළිවෙතට අනුව සාමාන්‍යයෙන් සිදු වන්නක් බැවින් ජාතික ආරක්ෂාව පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවට ආරක්ෂක ලේකම්වරයා විසින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට දන්වා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව,
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඉහත නිවේදනයට අනුව ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට සංචරණය සඳහා යෑමෙන් වැලකී සිටින ලෙස නිවේදනයක් නිකුත් කර ඇත්තේ (4 වන මට්ටමේ) කෝවිඩ් වෛරස ව්‍යාප්තිය වර්ධනය වීම නිසා පමණක් බවත්, මීට පෙරසිටම පැවති ත්‍රස්ත ප්ර්රහාරයන් හේතුවෙන් තිබෙන අවදානම් තත්ත්වයන් හැරුණුකොට විශේෂ ත්‍රස්ත ක්‍රියාකාරකමක් පිළිබඳව අනතුරු හැඟවීමට නොවන බවත් තහවුරු වේ.