සී. බී. රත්නායක මහතාගේ ඡායාරූපයක් පිළිබඳ නොමඟයවනසුලු පුවතක්

74

 

කොරෝනා වෛරසය මර්ධනය සඳහා දේශීය ඖෂධයක් සොයාගත් බවට ප්රසිද්ධියට පත්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා එන්නත විදගන්නා ආකාරය පෙන්වන ඡායාරූපයක් හාස්යෝත්පාදක ස්වරූපයෙන් සමාජ මාධ්ය තුළ සංසරණය වේ.

උක්ත ඡායාරූපය පිළිබඳ සොයාබැලීමේදී අනාවරණය වූයේ එම එන්නත ලබාගන්නා ඡායාරූපයේ පෙනී සිටින්නේ ධම්මික බණ්ඩාර මහතා නොව, වනජිවී හා වන සංරක්ෂණ අමාත්ය සී.බී. රත්නායක මහතා බවයි.

ඡායාරූපය තහවුරු කර ගැනීම සඳහා සී.බී. රත්නායක මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ එය තමා කෝවිඩ් එන්නත ලබාගත් අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූපයක් බවත් එහි සිටින්නේ තමා බවත් ය.

ඒ අනුව උක්ත ඡායාරූපයේ පෙනී සිටින්නේ ධම්මික බණ්ඩාර මහතා බව කියවෙන පුවත් නොමඟයවනසුලු පුවත් වේ.

 


 

Previous articleMisleading news regarding a photograph of C. B. Ratnayake
Next articleඅනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයක් බව පෙන්වන ව්‍යාජ පුවතක්