“ඔන්න විනීටත් ඇත්ත පෙනිලා තියෙන්නේ දැං වගේ” යන ශීර්ෂය සහිතව විනී හෙට්ටිගොඩ මහතා විසින් සිතුවම් කළ කාටූනයක් ලෙස හැඟවෙන පරිදි සකස් කළ පෝස්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
විනී හෙට්ටිගොඩ මහතාගේ ෆේස්බුක් පිටුව
අප විසින් උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාව අනාවරණය කරගැනීම උදෙසා විනී හෙට්ටිගොඩ මහතා සම්බන්ධ කර ගත් අතර ඔහු පැවසුවේ ඒකී කාටූනය 2019.12.02 වන දා ලංකා වෙබ් අඩෙවියට තමන් විසින් සිතුවම් කරන ලද කාටූනයක් විකෘති කරමින් පළ කර ඇති බවයි.
තවද , මීට පෙර අවස්ථා කිහිපයකදීත් මෙම කාටූනය මේ ආකාරයෙන්ම බෙදා ගත් බව ඔහු අප සමඟ වැඩිදුරටත් පැවසුවේය.
සංස්කරණය කළ ඡායාරූපය
සංස්කරණය නොකළ ඡායාරූපය
ඒබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විනී හෙට්ටිගොඩ මහතා විසින් සිතුවම් කළ බව හැඟවෙන කාටූනය 2019.12.02 වන දා ලංකා වෙබ් අඩෙවියට කළ කාටූනය විකෘති කිරීමකි.