” නීත්‍යානුකූලව සංක්‍රමණය වීමට කැමති සියලුම විදේශිකයන්ට කැනඩාවේ ජීවත් වීමට, ඉගෙනීමට සහ වැඩ කිරීමට ඉක්මන්ම ක්‍රමය වන කැනේඩියානු වීසා ලොතරැයි මාර්ගගත අයදුම් පත්‍රය 2021/2022 ලියාපදිංචි කිරීම.
විසා ලොතරැයි වැඩසටහන ලෙසද හැඳින්වෙන නේවාසික කාඩ්පත් ලොතරැයි වැඩසටහන ලොව පුරා සිටින පුද්ගලයින් 45,000 කට කැනඩාවේ ස්ථිර සහ නීත්‍යානුකූල පදිංචිකරුවන් වීමට අවස්ථාවකි,
උනන්දුවක් දක්වන අයදුම්කරුවන් මාර්ගගත ලියාපදිංචි සබැඳිය වෙත පිවිසිය යුතුය
ජයග්‍රාහකයින් අහඹු තේරීමෙන් ලබා ගන්නා අතර ලියාපදිංචි වීමට කිසිදු වියදමක් නොමැත.” යනුවෙන් නිර්මාණය වූ පණිවිඩයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වේ.
උක්ත පණිවිඩයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ අප විසින් සිදුකරන ලද විමසීමේදී කැනඩා මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ , එම පණිවිඩයේ තොරතුරු අසත්‍ය වන අතර කැනඩාව නව සංක්‍රමණ ලොතරැයියක් ආරම්භ කිරීමට සැළසුම් කර නැති බවයි.
තවද, අන්තර්ජාලයේ මෙවන් බොහෝ වංචනික පණිවිඩ සංසරණය වන අතර, වංචාකරුවන් එක්සත් ජනපද හෝ කැනේඩියානු නීතීඥයින්, සමාගම් සහ රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටීමට තැත් කරන බවද ඔවුන් පවසයි.
ඒ අනුව කැනේඩියානු වීසා ලොතරැයි මාර්ගගත අයඳුම් පත්‍රය 2021/2022 ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව පැවසෙන සබැඳිය සහිත පණිවිඩය ව්‍යාජ පණිවිඩයක් බව කැනඩා මහ කොමසාරිස් කාර්යාලය විසින් තහවුරු කරන ලදී.