“පුංචි රනිල් සමඟ ඩී.එස්.සේනානායක” යන ශීර්ෂය සහිත ඉතා පැරණි ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
උක්ත ඡායාරූපයේ සත්‍යාපනය සඳහා අප විසින් සිඳු කළ කරුණු පරීක්ෂාවේදී අනාවරණය කරගැනීමට හැකි වූවේ , උක්ත ඡායාරූපයේ ඩී.එස්.සේනානායක අතැතිව සිටින්නේ කුඩා රුක්මන් සේනානායක බවයි.
තවද , උක්ත ඡායාරූපය භාවිතා කරමින් “වසර 68කට පසු බෝතලේ වලව්වේදී ‘ඩී.එස්’ මුණගැසුණු දා,” යන ශීර්ෂය සහිතව 2018 ඔක්තෝබර් 21 දින සිළුමිණ වෙබ් අඩෙවියේ ලිපියක් ද පළ වී ඇත.
සේනානායක පවුලේ ඉතිහාසය පිළීබඳ ලියවී ඇති එම විශේෂාංග ලිපියේ උක්ත ඡායාරූපය “ඩී.එස් දරු සුරතල් බලමින්. වඩාගෙන සිටින්නේ රුක්මන්ය. ට්‍රැක්ටරයේ සිටින්නේ දේවින්දය. වටේ සිටින්නේ ගමේ දරුවන්ය.” යන සටහන සහිතව පළ කර තිබුණි.
එබැවින් , ඉහත ඡායාරූපයේ ඩී.එස්.සේනානායක මහතා අතැතිව සිටින්නේ කුඩා රනිල් වික්‍රමසිංහ නොවන අතර එහි සිටින්නේ කුඩා රුක්මන් සේනානායක ය.