සංසරණය වන පුවත
“බිව්ව ගමන් කොරෝනා ඉවරයි , ඇමරිකාවෙන් සුපිරි කරලක්. සායනික පරීක්ෂණ අවසන් ,” යන ශීර්ෂය සහිත පුවත ලංකා සී නිවුස් වෙබ් අඩෙවිය විසින් 2021 ඔක්තෝබර් 04 දා පළ කර ඇත.
එකී ශීර්ෂය යටතේ ඇති පුවත ;
මෙම ඖෂධය අවධානම් සහගත එකක් නොවන නිසා වෛද්‍ය උපදෙස් අනුව නිවසේදීම භාවිතා කළ හැකි බවත් කොරෝනා ආසාදිතයන් රෝහල් ගතවීමට ඇති ඉඩකඩ අවම කිරීම සිඳු කරන බවත් සඳහන් විය.”
මෝල්නුපිරවිර් ( Molnupiravir ) පෙත්තේ බලපෑම
මෝල්නුපිරවිර් (Molnupiravir) පෙත්තේ බලපෑම සම්බන්ධව සාමාන්‍ය පොදු ක්ෂෙත්රයේ ප්‍රවීණයන් අවධාරණය කරමින් පවසා ඇත්තේ ප්‍රතිවෛරස් පෙත්තක් එන්නත සඳහා විකල්පයක් නොවන බවයි.
තවද , කෝවිඩ්-19 සඳහා වූ ප්‍රතිවෛරස් ඖෂධය වන මෝල්නුපිරවිර් නම් පෙත්තෙන්, දරුණු කෝවිඩ්-19 අසාදනය වීමේ දැඩි අවදානමක් ඇති පුද්ගලයන් සඳහා මිය යාමේ හෝ රෝහල් ගතවීමේ අවස්ථාව 50% කින් පමණ අඩු කළ හැකි බවත් ඔවුන්ගේ අදහසයි.
Nairametrics
The newz Time
මෝල්නුපිරවිර් ඖෂධය හඳුන්වාදුන් අවස්ථාව
මෝල්නුපිරවිර් ඖෂධය කුඩා පෙති වර්ගයක් වන අතර එමඟින් කෝවිඩ්-19 ප්‍රතිකාර කරන ආකාරයෙහි වෙනසක් සිදුවිය හැකි බව යූඑන්සී සහ විද්‍යාඥයින් නිගමනය කරයි.
තවද , ආචාර්ය කැමරන් වුල්ෆ්ගේ පැහැදිලි කිරීම අනුව ” එය පුළුල් ක්‍රියාකාරී ප්‍රතිවෛරස් කාරකයක්” යන්නය.
එබැවින් මෝල්නුපිරවිර් ඖෂධය සම්බන්ධව විදේශීය පුවත් බොහොමයක් තිබෙන නමුත් , මේ වන තෙක් මෝල්නුපිරවිර් ඖෂධය භාවිතා කිරීම සඳහා අවසර ලබා දී නොමැත.
නිගමනය
මෙතෙක් කිසිඳු විද්‍යාඥයෙක් මෝල්නුපිරවිර් ඖෂධය භාවිතා කළ විගස කෝවිඩ්-19 වසංගතය තුරන් කළ හැකි බව අවධාරණය කර නොමැත.
පුවත සම්බන්ධව ඇති අනෙකුත් සබැඳි
CBS17.COM – The Wall Street Journal – 3WTKR – Technology times
එබැවින් ලංකා සී නිවුස් වෙබ් අඩෙවියෙන් මුදාහැර ඇති “බිව්ව ගමන් කොරෝනා ඉවරයි , ඇමරිකාවෙන් සුපිරි කරලක්. සායනික පරීක්ෂණ අවසන් ,” යන පුවත නොමඟයවන සුළු ශීර්ෂයක් සහිත පුවතකි.