යට ඇඳුම් ආනයනය සීමා කිරීම පිළිබඳ උපහාසාත්මක ශීර්ෂයක් සහිතව පසුගිය සැප්තැම්බර් 11 දින ‘Syulanka FB’ පිටුව හරහා බිමල් රත්නායක මහතා සම්බන්ධ වන වැඩසටහනක් සංවිධානය කර තිබූ බවට හැඟවෙන ලෙස සැකසූ බැනරයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
උක්ත බැනරයේ සත්‍ය අසත්‍යතාව අනාවරණය කරගැනීම උදෙසා අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාවේදී අනාවරණය වූවේ, බිමල් රත්නායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන්ව තිබූ බැනරයේ “ඇෆ්ගනිස්ථානයේ මොකද වෙන්නේ”, යන ශීර්ෂය ඉවත් කර මෙම උපහාසාත්මක ශීර්ෂය යොදා ඇති බවයි.
තවද එකී බැනරයේ සඳහන්ව තිබූ පරිදි එම සංවාදාත්මක වැඩසටහන සදහා ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සහභාගී වූ අතර එය මෙහෙයවීම සිදුකර ඇත්තේ මාධ්‍යවේදී ‘ශකීෆ් ශාම්’ මහතා විසිනි.
උක්ත වැඩසටහන අගෝස්තු මස 22 වන ඉරිදා පැවත්වූ අතර එකී වැඩසටහන Syulanka-සමාජවාදී තරුණ සංගමය-சோஷலிச இளைஞர் சங்கம் නිල ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශනය කර තිබුණි.
Syulanka-සමාජවාදී තරුණ සංගමය-சோஷலிச இளைஞர் சங்கம்
එබැවින් “ඇෆ්ගනිස්ථානයේ මොකද වෙන්නේ”, යන මැයෙන් සංවිධානය කර තිබූ වැඩසටහනක බැනරයක ශීර්ෂය විකෘති කරමින් යට ඇඳුම් ආනයන සීමාව පිළිබඳව උපහාසාත්මක ශීර්ෂයක් යොදා සංස්කරණය කර ඇති මෙම බැනරය ව්‍යාජ බැනරයකි.