“තවදුරටත් පාසල් වසා දැමීමට හේතුවක් නැත …! පාසල් වහාම විවෘත කළ යුතුයි …!”, යන ශීර්ෂය සහිත ලිපියක් මීට දින කිහිපයකට පෙර වෙබ් අඩවියක පළ කර තිබුණි.
ඉහත පුවත සංසරණය වන්නේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ වර්තමාන ප්‍රතිශක්ති හා අණුක වෛද්‍ය අංශයේ ප්‍රධානී, එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එම්.ආර්.සී. මානව ප්‍රතිශක්ති විද්‍යාවේ බාහිර ශාස්ත්රාලියෙකු වන නීලිකා මලවිගේ විසින් කළ ප්‍රකාශයක් ලෙස ය.
වර්තමානයේදී ඇයගේ වැඩි අවධානය යොමු වී තිබෙන්නේ ආරක්ෂාව සහ වෛරස් ප්‍රතික්‍රියාව සම්බන්ධව කරන කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ උත්පාදනය සම්බන්ධවය.
එහිදී උක්ත පුවත සංසරණය වීම පිළිබඳව තවදුරටත් නිරීක්ෂණය කරන විට එහි සඳහන් වන්නේ මහාචාර්යවරිය පහත සඳහන් කරුණු කාරණා ගැන අවධානය යොමු කරන බවය;
- පාසල් ඉක්මනින් විවෘත කළ යුතුයි,
- තවදුරටත් පාසල් වසා දැමීම ප්‍රායෝගික නැත,
- සැලකිය යුතු කෝවිඩ්-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බොහෝ බටහිර රටවල පවා පාසල් විවෘත කර ඇත,
- පසුගිය මැයි මාසය (2021) වන විට පාසල් වසා දැමීමට තීරණය කර තිබුණේ ලංකාව ඇතුළු රටවල් 15 ක් පමණි.
උක්ත පුවත සඳහා පදනම් වූ මූලාශ්‍රය වන්නේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් ශ්‍රී ලංකා ගේට්වේ විද්‍යාලයේ සිසුන් සඳහා කළ දේශනයකි.
මෙම කතාව 2021 සැප්තැම්බර් 04 දින ගේට්වේ විද්‍යාලීය යූටියුබ් නාලිකාවෙන් උඩුගතකර ඇත.
ඉහත පුවත මහාචාර්යවරියගේ කතාව සමඟ සංසන්දනයේ දී ඇය සදහන් කරන්නේ;
- එක්සත් ජනපදය සහ තවත් සමහර බටහිර රටවල් කෝවිඩ්-19 හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වුවද ඔවුන් පාසල් විවෘත කර ඇති බවයි. නමුත් ශ්‍රී ලංකාව එසේ නොවේ,
- මන්ද, මෙවැනි පසුබිමක් තුළ තම දරුවන් පාසැල් යැවීමට ශ්‍රී ලාංකික දෙමව්පියන් බිය වේ. තවද සමහර හේතු නිසා රට තුළ පාසල් අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතාවය ලැබී නොමැත,
- කතාවේදී ඇය ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන දෙස බලන විට ශ්‍රී ලංකාව කරදර විය යුත්තේ දරුවන් ගැන නොව දරුවන්ගේ අපේ දෙමාපියන් ගැන ය.
නමුත් උක්ත වාර්තා කිරීමේ සඳහන අනුව, ලංකාවේ පාසල් විවෘත කළ යුතු බවට ඇය විසින් සෘජුවම ප්‍රකාශයක් කර නොමැත.
ඇගේ කතාව අතරතුරදී ඇය ඉදිරිපත් කළේ UNICEF හි විධායක අධ්යක්ෂ හෙන්රිටා ෆෝ සහ UNICEF ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ඔඩ්රි අසෝලේ විසින් අර්ථ දක්වා කළ ප්‍රකාශයකි – “පාසල් නැවත විවෘත කිරීම බලා සිටිය නොහැක”
මහචාර්යවරිය තම පෞද්ගලික ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ, පාසල් නැවත විවෘත කළ යුතු බවට සංසරණය වන පුවත සඳහා තම නම අවභාවිත කර ඇති බවයි.
මේ අනුව නිගමනය වන්නේ මහාචාර්ය නීලිකා මාලවිගේ මහත්මිය ශ්‍රී ලංකාවේ පාසල් විවෘත කළ යුතු බවට ප්‍රකාශයක් කර ඇති බවට පැතිර යන පුවත නොමඟයවන සුළු පුවතක් බවයි. මහාචාර්යවරිය දේශනයකදී ඉදිරිපත් කළ UNICEF ආයතනයේ විධායක අධ්‍යක්ෂක හෙන්රිටා ෆෝ සහ UNICEF ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ඔඩ්රි අසෝලේ විසින් කළ ප්‍රකාශ උපුටා දැක්වීම් ඇයගේ මතයක් බවට හැඟවෙන පරිදි ඉදිරිපත් කර ඇත.