නෝර්වේ ඔස්ලෝ විශ්ව විද්‍යාලය විසින් 2021 වර්ෂය සඳහා පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහනක් පිළිබඳව WhatsApp පණිවිඩයක් සංසරණය වේ. එම පණිවිඩය ,
“2021 වර්ෂයේ ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ නොමිලේ අධ්‍යනය ලැබීම සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්වයක්.
අයදුම් කිරීමට තත්පර කිහිපයක් ගත වේ. මෙම අවස්ථාව අතපසු නොකරන්න.
2021 වර්ෂයේ නෝර්වේ ශිෂ්‍යත්ව වැඩසටහනේ ප්රතිලාභ.
ශිෂ්‍යත්වය ආවරණය කෙරේ.
-සම්පූර්ණ උපකාරක ගාස්තු
-ජීවන දීමනාව
-නවාතැන් පහසුකම්
-වෛද්‍ය පහසුකම්
-ගමන් දීමනාව
-වැඩ බලපත්‍රයක්.
අයදුම් කරන්න
https://bit.ly/Norway-Scholarship-2021”
උක්ත WhatsApp පණිවිඩය අවසානයේ දක්වා ඇති සබැඳියේ අයදුම්කරුගේ නම, විද්‍යුත් තැපැල් ලිපිනය, උපන් රට සහ අපේක්ෂිත පාඨමාලාව වැනි පෞද්ගලික තොරතුරු විමසමින් අයදුම්කරු විසින් පිරවිය යුතු අයදුම් පත්‍රයක් ඇතුළත් වේ. තවද එම අයදුම් පත්‍රය අවසානයේ සම්පුර්ණයෙන්ම අරමුදල් සපයන මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වන විශ්ව විද්‍යාලය ලෙස නෝර්වේහි ඔස්ලෝ විශ්ව විද්‍යාලය ලෙස නම් කර ඇත.
මෙම WhatsApp ඔස්සේ සංසරණය වන පණිවිඩයේ සත්‍යතාව පරීක්ෂා කිරීමේදී, ඔස්ලෝ විශ්ව විද්‍යාලය විසින් මෙවැනි ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේද නැද්ද යන්න පිළිබඳව අපි විමසා සිටියෙමු. එම විමසුමට ප්‍රතිචාර වශයෙන් ඔස්ලෝ විශ්ව විද්‍යාලය සදහන් කළේ මෙම WhatsApp පණිවිඩය සමඟ විශ්ව විද්‍යාලය කිසිඳු ආකාරයකින් සම්බන්ධ නොවන අතර මෙය ව්‍යාජ පණිවිඩයක් බවයි.