සිංහරාජ වන විනාශය පිළිබඳව මාධ්‍ය හමුවේ හඬ නැගීමත් සමඟ කතාබහට ලක්වූ භාගයා අබේරත්න මෙනෙවිය ස්ලිම් නීල්සන් සම්මානයෙන් පිදුම් ලැබූ බවට සඳහන් පෝස්ටුවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වේ.
මෙම පෝස්ටුවේ ඇතුලත් ඡායාරූපය පිළිබඳව අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂයේදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ එය ඇයට ස්ලිම් නීල්සන් සම්මානය ලබා දුන් අවස්ථාවක් නොව, 2020 මාර්තු මස 24 වන දින රඹුක ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරයට වැඩමකළ ස්වාමීන් වහන්සේලා සහ ජාතික විද්වත් සංවිධානයේ පරිසර කමිටුවේ ආරාධිත සාමාජිකයින් විසින් භාග්‍යා අබේරත්න මෙනෙවියට උපහාර දක්වා ඇයව ඇගයීමට ලක්කරමින් වෙනත් සම්මානයක් ලබා දුන් අවස්ථාවක් බවයි.
මෙම ඡායාරූපය යොදාගෙන උක්ත පෝස්ටුව උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය කර ඇත.